SKIP TO MAIN CONTENT

ගමන්මළු හසුරුවන්නන්ට කොරෝනා ඇති බවට හසුවුවත් ගුවන් තොටුපොල වසන්නේ නැහැ : ඇඩිලේඩ් බලධාරීහු පවසති

Adelaide Airport
South Australia cancels Air India repatriation flight as state moves to limit international arrivals . (AAP) Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඇඩිලේඩ් ගුවන් තොටුපලෙහි Qantas ගුවන් සේවයට අයත් ගමන් මලු හසුරුවන්නන් අතර කොරෝනා වෛරස් ආසාදිතයින් හසුව තිබුනද, සෞඛ්‍ය නිලධාරීන් විසින් ඇඩිලේඩ් ගුවන් තොටුපල වසා දැමීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇඩිලේඩ් ගුවන් තොටුපලෙහි ගමන් මලු හසුරුවන්නන් එකොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව ඇති බව මේ වන විට හෙළිව තිබේ.

පසුගිය දින දහහතර තුළ ඇඩිලේඩ් ගුවන්තොටුපළට පැමිණි අයවලුන් අතරින් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ වර්ධනය වී ඇති ඕනෑම කෙනෙකුට රෝහල් කරා යොමුවන ලෙසටත් එසේ නොවන පුද්ගලයින් හට දින 14 ක් කාලයක් ස්වයං හුදකලා වීමටත් බලධාරීන් විසින් මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අද වන විට (2 April)  වාර්තා වන මුළු කොරෝන්නා වෛරස අසාදිත සංඛ්‍යාව 367 කි.

ඉන් රෝගීන් හය දෙනෙකු රාජකීය ඇඩිලේඩ් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් සියලු දෙනාම - 50 ට වැඩි පිරිමින් අයවලුන් බවද වාර්තා වේ.

******************************************************************************************************************

සවන්දෙන්න SBS සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

සජීවීව සහ පසුව වැඩසටහනට සවන්දෙන්න SBS Radio APP නොමිලේ download කරගන්න

******************************************************************************************************************

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now