SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය ඉවත් කිරීමට බොහෝ කලක් ගතවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති

Omicron cases on the rise in NSW
Omicron cases on the rise in NSW Source: AAP Image/Dan Himbrechts

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා වී නොමැති අතර මෙය ජනවාරි මස 6 වැනිදායින් පසු කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා නොවූ ප්‍රථම දිනය ලෙස හැඳින්වේ.

කෙසේ නමුත් මෙමගින් සහීමට පත්විය නොහැකි බව සඳහන් කරමින් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ ප්‍රාන්තය මෙම වෛරසයෙන් සම්පුර්ණයෙන්ම ආරක්ෂා වීමට තවත් බොහො කාලයක් ගතවන බවයි.

ඊයේ දිනයේදී වාර්තා වූ ආකාරයට ප්‍රාන්තය තුල කොරෝනා පරීක්ෂණ 20,000ක් පමණ සිදු කොට ඇති අතර එමගින් හෝටල් නිරෝධායනයේ පසු වූ අසදිතයින් දෙදෙනකු පමණක් හඳුනාගෙන තිබේ.

සිදුකෙරෙන පරීක්ෂණ වල යම් අඩුවක් පැවතියද ප්‍රතිපල සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව සඳහන් කරන ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පෙන්වා දෙන්නේ වෛරස පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස මත මෙම වෛරසය සමාජයෙන් ඉවත් කිරීම සඳහා බලධාරීන්ට හැකියාව රඳා පවතින බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now