සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වල රහස්‍ය කරුණු හෙළිදරවු කිරීමෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන් නිදහස් කරයි. (SBS සිංහල /වාර්තා)

නීති විරෝධී සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ ආරක්‍ෂිත තොරතුරු අවසරයකින් තොරව හෙළිදරවු කළහොත් වසර දෙකක සිර දඬුවමකට යටත් වීමට නීතියෙන් විධානය කර තිබේ.

Health workers exempt from immigration detention secrecy provisions

Doctors hold up messages of support as health professionals gather at the Sydney Town Hall to oppose the Secrecy Provisions of the Border Force Act in Sydney. Source: AAP

2015 ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ පනතේ රහස්‍ය භාවය වෙනස් කිරීම සහ ගිව්සුම්ගත කරුණු හෙළිදරවු කිරීම ආශ්‍රිත කරුණු වෙනස් කර එම පනතින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.

නීති විරෝධී සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ ආරක්‍ෂිත තොරතුරු අවසරයකින් තොරව හෙළිදරවු කළහොත් වසර දෙකක සිර දඬුවමකට යටත් වීමට නීතියෙන් විධානය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 30 වන දින මෙම සංශෝධන සඳහා ආගමන දෙපාර්තමේන්තුවේ ලේකම්  Michael Pezzullo අත්සන් තැබීය.

එම සංශෝධන වලට අනුව සෞඛ්‍ය වෘත්තීයවේදීන් යටතට පවුලේ සහ විශේෂඥ වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, හෙදියන්, මනෝවිද්‍යාඥයින්  සහ සෞඛ්‍ය උපදේශකයින් අඩංගු බව පැවසේ.

කුමණ දේ සිදු වුවත් වෛද්‍යවරු සිරගත වීමට බිය නොමැති බව සරණාගතයන් සඳහා වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සම නිර්මාතෘ වෛද්‍ය Barri Phatarfod , SBS සේවයට පැවසීය.

ආගමන දෙපාර්තමේන්තුව හෝ ජාත්‍යන්තර සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේවා ඇතුළු ඔවුන්ගේ කොන්ත්‍රාත්තු මත සේවා යෝජිතයන්ගෙන් ඔවුන් හට සිවිල් නීතිමය ක්‍රියා මාර්ගයකට මුහුණ දීමට ඉඩ ප්‍රස්තාව ඇති බවද ඇය පැවසීය.

නීති විරෝධී සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වල නීති විරෝධී සංක්‍රමණිකයන් රැක බලාගන්නා නීතිඥයන්, ගුරුවරු සහ සමාජ සේවකයන් ඇතුළු අනෙක් වෘත්තීයවේදීන් ද මෙම පනතින් රජය නිදහස් කළ යුතු බව වෛද්‍ය Barri Phatarfod  පවසයි.

සිරගත කර මොවුන්ව නිහඬ කිරීමට යාමෙන් පෙනී යන්නේ අදාළ රැඳවුම් මධ්‍යස්ථාන වල පිළිගත නොහැකි, රහස්‍ය දේ සිදු වන බව යැයි ඇය වැඩි දුරටත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු මහජනතාවට ලබාදුනහොත් වසර දෙකක සිරගත කිරීම යන කරුණ සම්බන්ධව සෞඛ්‍ය නොවන වෘත්තීයවේදීන් තවමත් තර්ජනයකට ලක්ව ඇති බවත් විශේෂයෙන් ඒවා ඔස්ට්‍රේලියාවේ අරමුදල් වලින් සහ පරිපාලනය මගින් පාලනය වන නිසා මේ තත්ත්වය මතුව ඇති බවත් ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි Tim O'Connor පැවසීය.

මෙහි ඇති පසුගාමීත්වය, අවම විනිවිදභාවය සහ වගකීම් රහිත වීම ඔස්ට්‍රේලියාවේ රැඳවුම් මධ්‍යස්ථාන රෙජීමය විදහා දක්වන බව Tim O'Connor, SBS සේවයට පැවසීය.

ඕස්ට්‍රේලියාවෙන් පිටත ඇති රැඳවුම් මධ්‍යස්ථාන වල සිදුවූ අපයෝජන, ළමා ලිංගික අපචාර සහ ස්ත්‍රී දූෂණ පිළිබඳ ලියැවුණු වාර්තා පිළිබඳ ප්‍රමාණවත් ගවේෂණයක් සිදු කර නොමැති බවද ඔහු පවසයි.

දිගින් දිගටම මේ සඳහා එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ පිළිබඳ හඬ නගන පුද්ගලයන් හට තර්ජනය කිරීම් සිදු නොකර වහාම මෙම අර්බුදය පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය කරුණු දැක්විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ගැටළු වාර්තා කිරීමේදී සේවකයන්, කොන්ත්‍රාත්කරුවන් හෝ සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැනි උපදේශකයින්ව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ පනත මගින් වළකා නොමැති බව ආගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයකු පැවසීය.

ආගමන දෙපාර්තමේන්තුවට සේවය කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන් රහස්‍ය භාවය සහ ගිවිසුම්ගත කරුණු හෙළි කිරීම ඇතුළුව අදාළ පනතට යටත් නොවන බවත් ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේය.

රහස්‍ය භාවය සහ පුද්ගලිකත්වය පිළිබඳ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය ආචාර්ය ධර්ම සහ ගිවිසුම්කාර කරුණු දැඩිව ඉදිරියටත් පිළිපදීවී යැයි තවමත් ආගමන දෙපාර්තමේන්තුව විශ්වාස කරන බවද වාර්තා වේ.

නීතිය වෙනස් කරමින් පවතින බව රජය පිළිගත් බව වැදගත් බව වෛද්‍ය Barri Phatarfod පැවසීය.

ඒ අනුව 2015 ජූලි 01 වන දින වන තෙක් නීත්‍යනුකූලවූ එකම තොරතුර එක රැයින් නීත්‍යනුකූල නොවන තත්වයකට පත් වී (පනත හඳුන්වා දුන් විට) නැවත එය නීත්‍යනුකූල වී තිබෙන බව ඇය වැඩි දුරටත් පැවසීය.

ඇමෙරිකාවේ ලෙස නොව ඔස්ට්‍රේලියාවේ කතා කිරීමේ නිදහස එහි ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනයෙන් ආරක්ෂා නොවේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලනික සන්නිවේදන නිදහස ගම්‍ය වී ඇති බව ඉහළ අධිකරණය සලකා ඇත. 


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now