ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ප්‍රධානතම මරුවා, හෘද රෝග බව හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

සෑම වසරකම ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ මරණ 31,000කට වඩා සිදු කරන ප්‍රමුඛ පෙළේ මරුවා, හෘද රෝග බව ඔස්ට්‍රේලියානු කාන්තාවන් තුළ කන්තුක වාහිනී සහ රෝග පිළිබඳ වාර්තාව සොයාගෙන ඇත.

Heart disease

Source: www.cardiachealth.org

ඔස්ට්‍රේලියානු කාන්තාවන් වැඩිපුරම මිය යන්නේ විවිධාකාරයේ පිළිකාවලට වඩා හෘද රෝගවලින් බව නවතම විශ්ව විද්‍යාල අධ්‍යනයකින් සොයාගෙන තිබේ.

හදවත් රෝගය, ආඝාතය වැනි රෝග පමණක් නොව ඒවා හා සම්බන්ධ දියවැඩියාව, වකුගඩු අක්‍රිය වීම් වැනි රෝගී තත්ත්වයන්හි බලපෑම් විමර්ශනයට ලක් කිරීමේදී Australian Catholic විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍යය පිළිබඳ Mary McKillop ආයතනය විසින් මෙය සොයා ගෙන ඇත.

සෑම වසරකම  ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ මරණ 31,000කට වඩා සිදු කරන ප්‍රමුඛ පෙළේ මරුවා, හෘද රෝග බව ඔස්ට්‍රේලියානු කාන්තාවන් තුළ කන්තුක වාහිනී සහ රෝග පිළිබඳ වාර්තාව සොයාගෙන ඇත.

පියයුරු පිළිකා ඇතුළු සියලු වර්ග වල පිළිකා හේතුවෙන් වසරකට මිය යන 12,000ක් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ප්‍රමාණයට වඩා එය අතිශය ඉහළ බව පෙනේ.

ඉහත 31,000න් කාන්තවන් 3000ක් පමණ මිය යන්නේ ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන යාමටත් පෙර බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

හෘද රෝගවල රෝග ලක්ෂණ හඳුනාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නියමිත කාලයට ප්‍රතිකාර ගැනීමට බොහෝ කාන්තාවන් අසමත් වන බව අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂිකාවක් වන මහාචාර්ය Maja-Lisa Lochan පැවසීය.

හෘද රෝගවල වලට සම්බන්ධ නොවන අනෙක් රෝගවලට නිතර සම්බන්ධ ඇදුම, තෙහෙට්ටුව හා ප්‍රතිශ්‍යා රෝගය කියා ඔවුන් ඒ පිළිබඳ නිතර සිතන බවද පිරිමින්ට වඩා ප්‍රතිකාර පිළිබඳ සෙවීම ඔවුන් මග හරින බවද මහාචාර්ය Maja-Lisa Lochan වැඩි දුරටත් පෙන්වා දෙයි.

හෘද රෝගවලින් 60%ක් පමණ වලක්වාගත හැකි වේ.

වසංගතයක් සේ පැතිරෙන ස්ථුලතාවය, තරුණ කාන්තාවන් අතර හෘද රෝග ඇතිවීම සඳහා බලපාන  ඉහල අවදානම් කරුණක් බවද ඇය පවසයි.

ප්‍රධාන හේතුකාරක සොයා ගැනීමෙන් සැලකිය යුතු ප්‍රමාණයක මරණ අඩු කරගත හැකි බවද ඇය පවසයි.

ඉහළ කොලොස්ට්‍රෝල්, දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ දුම් පානය මේ සඳහා බලපාන ප්‍රධානතම හේතු වේ.

ඔස්ට්‍රේලියානු කෑම වේලක සීනි බහුලව අඩංගුව ඇති බවත් මේවා ජීවන රටාවන්ට බලපාන කරුණු බවත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.

හෘද රෝග සෑදීමේ ප්‍රධානතම අවදානම පවතින්නේ පිරිමින්ට යන අන්ධ විශ්වාසයේ කාන්තාවන් සිටින බවද මෙම වාර්තාව අනාවරණය කරයි.

ඒ අනුව මේ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් ද අවශ්‍ය බව මහාචාර්ය Maja-Lisa Lochan පෙන්වා දෙයි.

කන්තුක වාහිනී රෝග පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ රෝහල් වැඩසටහන් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඔස්ට්‍රේලියානු සෞඛ්‍යය පද්ධතිය වැය කරන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now