SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවල අද දිනයේදී අධික තාප තරංග පැතිර යාම හේතුවෙන් යලිත් ලැව්ගිනි අනතුරු ඇඟවීම්

RFS fire crews head into a danger zone.
RFS fire crews head into a danger zone. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලැව්ගිනි අනතුරට දරුණු ලෙසින් මුහුණ දී සිටින නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට, අද දිනයේදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට බලපානු ඇතැයි අනාවැකි පලකොට තිබෙන ලබන තාප තරංග පැතිරීමේ අවධානමටද මුහුණ දීමට සිදුවෙනු ඇති වාර්තා වේ.

අද නිව් සවුත් වේල්සයේ බටහිර අර්ධයේ උෂ්ණත්වය අංශක 45 ට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රාන්තය තුල මේ වන විට ලැව්ගිනි එකසිය දහඅටක් දැවෙමින් පවතී. ඉන් දෙකක් වඩාත් බරපතල මට්ටමක පවතී. හන්ටර් කලාපයේ සහ ලිත්ගොව් නගරයට ආසන්නව හටගෙන ඇති ලැව්ගිනි මෙලෙස දරුණු තත්වයේ පවතින ලැව්ගිනි ලෙසට හඳුනාගෙන තිබේ.

එමෙන්ම අද (17 Dec) දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය සඳහා පුරෝකථනය කොට ඇති ඉහළම උෂ්ණත්වය අංශක 40 ක් බවද සඳහන්. එසේම වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රන්ත හරහා ද අද දිනයේදී තාප තරංග පැතිර යාම නිසා අධික උෂ්ණත්වක් වාර්තා කරනු ඇතැයි කාලගුණ අංශ මඟින් නිකුත්කොට ඇති පුරෝකථන වාර්තා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම ප්‍රාන්ත වලද අද දිනය තුල ඉහල ලැව්ගිනි අවධානමක් පවතිනු ඇතැයි  වාර්තා වේ.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now