SKIP TO MAIN CONTENT

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙද්දී අර්ජුන - දයාසිරි කැබිනට් රැස්වීමේදී ගැටෙති.

Heated exchange between Arjuna and Dayasiri over Status of SL Cricket.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඊයේ (29/08) පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා විවේචන සහිත නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු පරිපාලනයේ දුර්වලතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද වැටී ඇති අගාධයට හේතු බව රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළ අතර ජයසේකර මහතා ද එයට විරුද්ධව වදන් හැසිරවූ බව සඳහන්.

ක්‍රිකට් සම්බන්ධයෙන් ද එහි දී ඇමතිවරුන් දෙදෙනා චෝදනා එල්ල කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මත ගැටුම සමථයකට පත්කර ඇතැයි වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now