SKIP TO MAIN CONTENT

රංගන හේරත් ටෙස්ට් වාර්තා අලුත් කරයි.

Herath re-new the ICC test records.
Source: Crikcet Country

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී කඩලු 11 ක් ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා පිළේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ICC  ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.

මේ වන විට ප්‍රසාද ලකුණු 866 ක් ලැබූ රංගන හේරත් මීට පෙර එම ශ්‍රේනිගත කිරීමේ  තෙවැනි ස්ථානයේ සිටි අතර එතෙක් ප්‍රසාද ලකුණු 865 ක්  ලබා දෙවැනි ස්ථානයේ පසුවූ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඒ අනුව තුන්වන ස්ථානයට ඇද වැටී තිබේ.

Herath leapfrogs Ashwin to second place
Source: www.icc-cricket.com

රංගන හේරත් සිම්බාබ්වේ තරගයේදී ලබාගත් කඩුලු 11 ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් බිඳ හෙළු ඔහුගේ  අටවන අවස්තාව ලෙස ද වාර්තා වේ.

ටෙස්ට් තරග වලදී  වැඩිම වාරයක් කඩුලු 10 ක් බිඳ හෙළු පන්දු යවන්නන් ගේ ලැයිස්තුවේ රංගන හේරත් මේ වන විට සිව්වන ස්ථානය හිමි කරගෙන ඇති අතර එම ලයිස්තුවේ ප්‍රථම ස්ථානය තවමත් හිමි කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය.

මුරලි ටෙස්ට් තරග වලදී  22 වතාවක් කඩුලු 10 බැගින් බිඳ දමා තිබේ.

එම ලයිස්තුවේ දෙවැනි හා තුන්වන ස්ථාන පිලිවෙලින් ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සහ නවසීලන්තයේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි හිමි කරගෙන සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now