ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී. (වාර්තා/SBS සිංහල)

ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර අබාධයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අස්ථිර බව වාර්තා වෙයි. දැනට ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ සුරංග ලක්මාල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අබාධ වලට ලක්ව ඇති අතර, නුවන් ප්‍රදීප් ද මේ අයුරින් අබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක කාරණයක්.

Sri Lanka bowler Rangana Herath,

Sri Lanka bowler Rangana Herath, left, celebrates the dismissal of Australia's batsman Usman Khawaja during day two of the first test Source: AP Photo/Eranga Jayawardena

වෝන්  - මුරලිදරන් කුසලානය සදහා පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා  ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට ( අගෝස්තු 4දා ) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිතයි. ටෙස්ට් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ, පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාවට  එරෙහිව ලකුණු 106ක ජයග්‍රහණයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, මෙම තරගය ජය ගතහොත් තරගාවලියේ ජය තමන් නතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇති.

අබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප් ගේ සහභාගීත්වය අස්ථිරයි


මේ අතර ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර අබාධයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය  අස්ථිර බව වාර්තා වෙයි. දැනට ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ සුරංග ලක්මාල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අබාධ වලට ලක්ව ඇති අතර, නුවන් ප්‍රදීප් ද මේ අයුරින් අබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක කාරණයක්.

රංගන හේරත්ට වැඩි වගකීමක්


මෙම අබාධ සමගින් අත්දැකීම් ඇති පන්දුයවන්නන්ගේ  අඩුවක් ශ්‍රී ලංකා කණ්ඩායම  තුල පවතින බැවින්  දග  පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට ඉතා වැඩි වගකීමක් මෙම තරගයේදී හිමි වනු ඇති. පසුගිය තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් ලක්ෂාන්  සදකැන් කඩුලු  9ක් එම තරගයේදී දවා  ගනිමින් සුපිරි පන්දු යැවීමක් වාර්තා කල අතර, දග  පන්දු යවනන්ට හිතකර ගාලු තණ  තීරුවේ ඔහුද හොදින් දස්කම් දක්වනු ඇති බව බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

මෙම තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහනය කිරීමට, රංගන හේරත් පාලනය කිරීම සුවිශේෂී සාධකයක් බවත්, ඔහුට මුහුණදීමට සරත සැලසුමක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සති වීම වැදගත් බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Darren Lehmann ද පසුගියදා  මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ගාල්ල ශ්‍රී ලංකාවට වාසනාවන්ත ක්‍රීඩාංගනයක්


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී  ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 27කට සහභාගී වී ඉන් 15ක ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වතාවට ගාල්ලේදී සහභාගී වූ තරග 9න්  තුනක ජය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව සදහන්. තවද රංගන හේරත් ගාල්ල ක්‍රීඩාංගනදී තරග 14කට සහභාගී වී කඩුලු  78ක් දවගන්නට සමත් වී තිබේ.

මිට අමතරව ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේ  ටෙස්ට් තරග තුනක් පවත්වා ඇති අතර, ඉන් දෙකක ජය ඕස්ට්‍රේලියාවට  හිමිව ඇති අතර, එක්  තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී තිබේ.


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී. (වාර්තා/SBS සිංහල) | SBS Sinhala