SKIP TO MAIN CONTENT

පුංචි ඡන්දය නිසා අමතක වුණු රංගනගේ අලුත්ම ක්‍රිකට් ලෝක වාර්තාව මෙන්න.

Herath sealed one of the biggest Test record in World Cricket.
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ඊයේ (10/02) දිනයේදී ජයගත් දෙවනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් විසින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.

වමතින් දඟ පන්දු යවන්නෙකු ටෙස්ට් තරඟවලදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව තමන් සතු කරගැනීමට ඊයේ දිනයේදී රංගන හේරත් සමත් විය.

ඒ කඩුලු 415ක් ලබා ගනිමිනි.

මීට පෙර කඩුලු 414ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායමේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් ය.

එම සටහනේ තුන්වන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ඩැනියල් විටෝරි හිමිකර ගෙන සිටින අතර ඔහු කඩුලු 362ක් බිඳ දමා ඇත.

ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මිචල් ජොන්සන් සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය පිළිවෙලින් හිමිකරගෙන සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now