Update - 6.45 pm (AEST)
උද්ඝෝෂණයේ දී ආපදාවට ලක් වූවන්...
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් ඊයේ පැවති දැවැන්ත ජන උද්ඝෝෂණ අතර වාරයේදී වූ සිදුවීම් වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් ලෙසට මේ වන විත තහවුරු වී ඇත. එම සංඛ්‍යාවෙන් මේ වන විට (ජූලි 10දා) 55 දෙනෙකු රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයින් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 05 දෙනෙක් සිටී.
හිසට දැඩි ලෙස හානි වූ එක් පුද්ගලයෙක් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහල් තොරතුරු වාර්තා කොට තිබේ.

Update - 6.30 pm (AEST)
රනිල්ට අගමැති තනතුරින් යන්න කී ධම්මික පෙරේරාත් අන්තිමේදී යයි
අලුතෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට පත්වුණු , ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් අද - ජූලි 10 දා ඉල්ලා අස්වී තිබේ.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුළත් වූයේ පසුගියදා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව වේ. රට ගොඩ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ හට නොහැකි බව පවසමින් වහාම ඉන් ඉල්ලා අස්විය යුතු බවට ඔහු මිට දින කිහිපයකට පෙර මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදුකළේය.
ඔහු අමාත්‍යධූරය දරන ලද්දේ දින 16ක පමණ කෙටි කාලයකි. ඒ අනුව මේ වන විට බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, මනුෂ නානායක්කාර සහ ධම්මික පෙරේරා යන අමාත්‍යවරුන් 5 දෙනෙකු තම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.
(ඉල්ලා අස්වුණු අනෙකුත් මන්ත්‍රීවරුන් පිලිබඳ තොරතුරු මීට පෙර මෙම ලිපියේ පහතින් එක්කොට ඇත)

ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව තිබෙන තත්වය හමුවේ මින් ඉදිරියට රටේ සාමය පවත්වාගෙන යෑමට සහය ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රට වැසියන් අමතමින් ඉල්ලා තිබේ.
වීඩියෝව පහතින් නරඹන්න ...
කතානායක විසින් ජනපතිට දැන්වූ තීරණ
ඊයේ (ජූලි 9) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇත.
එම තීරණ පහත පලකොට ඇති කතානායක ලිපියේ සඳහන් වේ ...

අගමැති නිවසට ගිනි තැබීම නීතිඥ සංගමය හෙලා දකියි
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු දේපලවලට කරනු ලබන හානි නීතිඥ සංගමය හෙලා දකියි.
මෙවැනි ක්‍රියාවන් තුලින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට සහ ජනතාවට විශාල හානියක් සිදු වෙනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි. එහෙයින් මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද එම සංගමය ඉල්ලා සිටී.
නීතිඥ සංගමයේ නිවේදනය පහතින්...

අගමැති නිවසට ගිනි තැබූ තිදෙනෙක් අල්ලයි....
ඊයේ - ජූලි 9 වෙනි දින ඇතිවුණු උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබූ සිදුවීමට අදාලව පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. ඒ අතර වයස විසි ගණන්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් සහ 19 වෙනි වියෙහි පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ තරුණයෙකුද සිටින බව සඳහන් ....
ගින්නෙන් අනතුරුව අගමැති රනිල් ගේ නිවෙස දැන් දිස්වන අයුරු පහත වීඩියෝවෙන්
ජනපති මැදුරෙන් මුදල් හමුවේ....
ඊයේ දිනයේදී (ජූලි 9) ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීමෙන් පසු විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් හමුවී ඇති බව වාර්තා වේ.
එම මුදල එම සිසුන් විසින් ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු හට භාරදීමට පියවර ගෙන තිබේ. එහෙත් ඔහු එම මුදල භාර නොගෙන ඒ බව කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව සාගර ලියනගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් හමුවූ ස්ථානය වීඩියෝ ගතකර සිසුන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශද සටහන්කරගෙන එම මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.
ඇමති 4 ක් ඉල්ලා අස්වේ ..
බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස දිගටම කටයුතු කරන බවට ඔහු පවසා ඇත.
එසේම මහින්ද අමරවීර මහතාද අද දිනයේදී (ජූලි 10) තම කෘෂිකර්ම අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති අතර ඉන්දීය ණය ආධාරය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත පොහොර තොගය භර ගැනීමෙන් අනතුරුව ඔහු අමාත්‍ය තනතුර හැර යාමට නියමිත බව SBS සිංහල සේවයට වාර්තා වේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන අයවලුන්ද ඊයේ (ජූලි 9) රාත්‍රියේ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරු දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.
SBS සිංහල වෙත ලැබුණු පරිදි එහි දැක්වෙන කරුණු මෙසේයි
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යධූරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි
මේ වන විට රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවණය පිළිබද කල් ඇතිව අවබෝධ කරගෙන සිටි අප පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටියත් ජනතා කැමැත්ත හිමිවූයේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමටය.
එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුකරණයේ ඇති අසමත්භාවයන් සම්බන්ධයෙන් සමීප අධ්‍යයනයක සිටි අපි, ජනාධිපතිවරයාගේ අසාර්ථකභාවය පිළිබද දිගින් දිගටම හඩ නැගුවෙමු. ජනාධිපතිවරයා අසමත් බවට වන මතය සමාජ ගත කළෙමු. ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරමින් තිබූ වැඩපිළිවෙල රට බරපතල සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට පාර කපන බව දැනගත් අප එය වැලැක්වීම ස`දහා විපක්ෂයේ සිටිමින් විශාල කාර්යභාරයක් ඉටු කළෙමු.
ඇතිවිය හැකිව තිබූ අර්බුදයට විසදුම් ලබාගැනීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගිය යුතු බවට වන මතය අපි සමාජ ගත කළෙමු. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ඒ වෙනුවෙන් සටන් කළෙමු. එක්ව විසදුමක් ලබාදිය යුතු යැයි විටෙක සංවේදීවත්, විටෙක ආවේගශීලීවත් සියලූම පක්ෂවලින් ඉල්ලා සිටියෙමු.
එහෙත් රටේ ගැටලූ විසදන සර්ව පාක්ෂික, ප‍්‍රගතිශීලී දේශපාලන ගමනක් වෙනුවෙන් පක්ෂ නායකයින්ගෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. සාමූහික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලූ පක්ෂ එක්වූයේ නැත.
එහි ප‍්‍රතිඵලයක් ලෙස අප දෙදෙනා ඇමැතිධූර භාරගනිමින්, ඇතිවෙමින් තිබූ ආර්ථික ගැටලූවට විස`දුම් සොයාගැනීම සදහා අපට ලබාදිය හැකි සක‍්‍රීය දායක්තවය ලබාදුන්නෙමු. අප එම තීරණය ගනු ලැබුවේ අපගේ දේශපාලන අනාගතය ගැන නොසිතමිනි.
සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ලෙසත්, කම්කරු හා විදේශ රැුකියා ඇමැතිවරයා ලෙසත් රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒම සදහා ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග අපි අනුගමනය කළෙමු. ඒ සදහා වන ක්ෂණික, තිරසාර වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළේ මෙම ගැටලූවේ ඇති ගැඹුර අවබෝධ කරගත් නිසාය. ඒ අතරම ජනතාවට ඉක්මනින් ලබාදිය යුතු සහන ලබාදීමට කටයුතු කරමින් සිටියෙමු.
එහෙත් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් තිබූ අර්බුදය, සති හයක කාලයක් තුළදී ලබාදෙන ක්ෂණික විසදුම්වලින් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකිය. පාර්ලිමේන්තු ක‍්‍රමය ගැන විශ්වාසයක් නොතිබූ පොදු ජනතාව මහමගට බැස යළිත් සටන් කරන්න ගත්තේ මේ සමගය. දැන් නැවත වරක් ඉල්ලා සිටින්නේ අප කලින් සටන් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සදහා අප දෙදෙනා, මේ වන විට දරණ කම්කරු සහ විදේශ රැුකියා අමාත්‍යධූරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම්දෙමු.
--.. මනුෂ නානායක්කාර / හරින් ප‍්‍රනාන්දු.. --
ජූලි 9 දා අරගලයට අදාළ තවත් තොරතුරු "SBS සිංහල" වෙතින් ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
- SBS Radio APP එකෙන් (Free)

