ඔබත් ඔස්ට්‍රේලියාවේ Centrelink දීමනා ලබනවද? එසේනම් සැප් 20 සිට ඔබේ දීමනා වැඩිවුණු ආකාරය ගැන දැනගන්න

මේ අනුව JobSeeker, Youth Allowance, Austudy, ABSTUDY සහ Youth Disability Support විශ්‍රාම වැටුප මත සිටින පුද්ගලයින්ට සැප්තැම්බර් 20 සිට සැලසුම් කළ $16 වැඩි කිරීමට අමතරව දෙසතියකට අමතර $40ක් ලැබෙනු ඇත.

Australians queue outside a Centrelink office.

Welfare recipients are receiving a boost to their payments to address cost of living pressures. Source: AAP / Sipa

ඔස්ට්‍රේලියානුවන්ගේ සුබසාධන ගෙවීම් ඉහළ නංවා තිබේ.

මිලියන පහකට වැඩි ඔස්ට්‍රේලියානුවන් සඳහා මෙම තීරණය බලපානු ඇත.

ඔස්ට්‍රේලියානුවන්ගේ සුබසාධන ගෙවීම් ඉහළට

මේ අනුව JobSeeker, Youth Allowance, Austudy, ABSTUDY සහ Youth Disability Support විශ්‍රාම වැටුප මත සිටින පුද්ගලයින්ට සැප්තැම්බර් 20 සිට සැලසුම් කළ $16 වැඩි කිරීමට අමතරව දෙසතියකට අමතර $40ක් ලැබෙනු ඇත.

ජීවන වියදම් අර්බුදයට මුහුණ දීම සඳහා ඩොලර් බිලියන 14.6 ක පැකේජයේ කොටසක් ලෙස වත්මන් කම්කරු පක්ෂ රජයේ මැයි අයවැයේ වෙනස්කම් සමග මේ බව නිවේදනය කරන ලදී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

මෙය ඔස්ට්‍රේලියානු පවුල් සඳහා ප්‍රායෝගිකව උපකාර කිරීමක් බව මධ්‍යම රජයේ සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth පැවසුවාය.

වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන අයගේ සාක්කුවල වැඩි මුදලක් ලැබීම මින් අදහස් කෙරෙන අතර එය ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරනු ඇතැයි යනුවෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

සුබ සාධන ගෙවීම් වැඩිවුණු හැටි

මෙම වැඩි කිරීමත් සමග JobSeeker ලබන තනිකඩයන්ට අමතර $56.10ක් එකතු වනු ඇති අතර එය ඔවුන්ට දෙසතියකට වරක් ලැබෙන ගෙවීම $749.20 දක්වා ගෙන එයි.

මධ්‍යම රජය Commonwealth Rent Assistance 15% කින් පුළුල් කිරීමෙන් පසු සුබ සාධන දීමනා මත සිටින කුලී නිවැසියන්ට දෙසතියකට අමතර ඩොලර් 27.60ක් ලැබෙනු ඇත.

දශක තුනකට වැඩි කාලයක් තුළ මෙම ගෙවීමේ විශාලතම වැඩිවීම මෙය බව සඳහන්.
මෙමගින් ඔස්ට්‍රේලියාව පුරා පවුල් ලක්ෂ 11කට පමණ සහන සැලසීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව සේවා විශ්‍රාම වැටුපක් ඇති ප්‍රවීණයන්ට අමතර ඩොලර් 32.70ක් ලැබෙනු ඇති අතර ආබාධිත වන්දි ගෙවීම් ලබන අය සඳහා දෙසතියකට අමතර ඩොලර් 53ක් ලැබේ.

Age Pension, Disability Support Pension සහ Carer දීමනා ඇතුළු අනෙකුත් සුබ සාධන දීමනා ලබන්නන් වැඩි පරාසයක තනිකඩයන් සඳහා ඩොලර් 32.70 ක වැඩිවීමක් සහ යුවළ සඳහා ඩොලර් 49.40 ක අමතර මුදලක් ලැබීමට නියමිතය.

එසේම, Commonwealth Seniors Health කාඩ්පත් හිමියන් සඳහා ආදායම් සීමාවන් වෙනස් කර ඇති අතර, එය තනිකඩයන් සඳහා වසරකට ඩොලර් 5,400 සිට ඩොලර් 95,400 දක්වා ත් යුවළ සඳහා වසරකට ඩොලර් 8,640 සිට ඩොලර් 152,640 දක්වා වැඩි කර ඇත.



Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service