මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ඔබ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි පනවා තිබෙන නව සංචාරක නීති පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.
ඒ පිළිබඳ පූර්ණ තොරතුරු ඉහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.
නිව්සවුත්වේල්ස්ප්රාන්තය
මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘතව පවතිනවා.
දින 3 ක lockdown කාලයෙන් පසුව Greater Brisbane කලාපය සඳහාද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා දැන් විවෘතයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ සංචාරය කිරීම සඳහා කිසිදු සීමාවක් පනවා නැති නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප වෙත අනවශ්‍ය ලෙස සංචාරය කිරීමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය විශේෂයෙන් Greater Sydney වැසියන් ඇතුළු සියලු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Greater Sydney, Blue Mountains, Central Coast සහ Wollongong යන කලාප වල තවමත් කොරෝනා වයිරසය පැතිරී තිබීම ඊට හේතුවයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
පසුගිය සති දෙකක කාලය තුළ Greater Sydney කලාපයේ සංචාරය කළ පුද්ගලයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නැහැ.
Greater Sydney, Blue Mountains, Sydney නගරය, Central Coast, Wollongong, Parramatta, northern beaches එම කලාප ලෙස සැලකෙනවා.
වෙනත් ප්‍රාන්තයක කොරෝනා මර්මස්ථානයක සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන ක්වීන්ස්ලන්ත වාසීන්ට තම වියදමින් ප්‍රාන්ත රජය නම් කරන ලද හෝටලයක දින 14 ක් නිරෝධායනය විය යුතුයි.
යම් අයෙකු පසුගිය සති දෙක තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණේ නම් කොරෝනා පරීක්ෂාවක් සිදු කරගත යුතු අතර එහි ප්‍රතිඵලය negative ලෙස පැමිණෙන තෙක් නිවසේ ස්වයං නිරෝධායනය විය යුතුයි.
සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වැසියන්ට කිසිදු සංචාරක නීතියකට යටත් නොවී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්තය
ඕනෑම ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් හෝ වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමේදී දැන් අවසර පත්‍රයක් ලබා ගත යුතු වෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල කොරෝනා වයිරසය පැතිරී ඇති ස්වභාවය හා එහි අවදානම මත අදාළ කලාප කොළ, තැඹිලි හා රතු ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව කොළ සහ තැඹිලි කලාප වල වැසියන්ට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට අවසර ලැබෙනවා.
තැඹිලි පැහැ කලාප වලින් පැමිණෙන සංචාරකයින් වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ පැය 72 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතු අතර එහි ප්‍රතිඵලය negative ලෙස ලැබෙන තෙක් හුදකලා විය යුතු වෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප ද තැඹිලි පැහැ කලාපය යටතට පත් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළා.
නමුත් Greater Brisbane සහ Wollongong හා Blue Mountains ඇතුළු Greater Sydney කලාප තවමත් රතු කලාප ලෙස නම් කර තිබෙනවා.
Australian Capital Territory
Greater Brisbane කලාපයේ සිට ACT වෙත පැමිණෙන පිරිස් නිරෝධායනය වීමට අනවශ්‍ය බව ACT රජය නිවේදනය කර තිබෙනවා.
මේ අතර Greater Sydney වැසියන්ට සහ Greater Sydney කලාපයේ සංචාරය කළ පුද්ගලයින්ට ACT වෙත ඇතුළු වීමට තවමත් අවසර නැහැ.
නමුත් Greater Sydney කලාපයේ සංචාරය කළ ACT වැසියන්ට ACT වෙත පැමිණීමට හැකි අතර ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුයි.
අනෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව ACT වෙත ඇතුළු වීමට අවසර තිබෙනවා.
ටස්මේනියා ප්‍රාන්තය
ජනවාරි 08 වන දා සිකුරාදා පෙරවරු 9 ට පෙර ටස්මේනියා ප්‍රාන්තයට පැමිණි Greater Brisbane කලාපයේ පුද්ගලයින් හට නිරෝධායනය වීම අනවශ්‍ය බව ටස්මේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Sarah Courtney පැවසුවා.
නමුත් ජනවාරි 08 වන දා සිකුරාදා පෙරවරු 9 ට පසු ටස්මේනියා ප්‍රාන්තයට පැමිණි Greater Brisbane කලාපයේ පුද්ගලයින්ට නිරෝධායනය වීම අනිවාර්ය වනවා.
Greater Sydney කලාපයේ සිට පැමිණෙන සංචාරකයින් ට ද ටස්මේනියා ප්‍රාන්තයට පැමිණ දින 14 ක් රජය නම් කළ හෝටලයක හෝ සුදුසු ස්ථානයක නිරෝධායනය විය යුතුයි.
බටහිරඔස්ට්රේලියා ප්රාන්තය
ඔස්ට්‍රේලියාවේ දැඩි සංචාරක නීති පනවා ඇති ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය හැඳින්වෙනවා.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට හෝ ජනවාරි 02 වන දින සිට එහි ගිය පුද්ගලයින්ට හෝ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නැහැ.
රාජ්‍ය තාන්ත්‍රික හෝ හමුදා නිලධාරීන් වැනි අවසර ලත් පුද්ගලයින් හැරුනුකොට වික්ටෝරියා හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සංචාරය කළ පුද්ගලයින්ට ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නැහැ.
ඇතුළුවීමේ පෝරමයක් පුරවා සෞඛ්‍යය පරීක්‍ෂණයකට මුහුණ දී Australian Capital Territory, Northern Territory, දකුණු ඕස්ට්‍රේලියා හා ටැස්මේනියා ප්‍රාන්ත වැසියන්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට හැකියාව තිබෙනවා.
දකුණු ඔස්ට්රේලියා ප්රාන්තය
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අදහස් කරන ඕනෑම පුද්ගලෙයකු Cross Border Travel Registration පෝරමය පිරවිය යුතු වනවා.
නමුත් Greater Brisbane කලාපයේ නැවතී පැමිණෙන පුද්ගලයින් දින 14 ක් නිරෝධායනය විය යුතු අතර පළමු දිනයේ, 5 වන දිනයේ හා 12 වන දිනයේදී කොරෝනා පරීක්ෂාවන් සිදුකරගත යුතුයි.
අත්‍යවශ්‍ය සංචාරකයින්, ගෘහස්ථ හිංසනයෙන් බේරී පැමිණෙන පුද්ගලයින්, සාමාන්‍යයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් සහ දකුණු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන අයට මෙය අදාළ නොවන බවඩ් සඳහන්.
පසුගිය සති දෙක තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙනත් කිසිදු ස්ථානයක සංචාරය නොකළ නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සීමාවෙන් කිලෝමීටර් 100 ක් ඇතුළත ජීවත් වන අයට දකුණු ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නිදහස තිබෙනවා.
Northern Territory
Northern Territory වෙත යන සෑම කෙනෙකුම ඇතුළුවීම සඳහා නිදහස් කිරීමේ පෝරමයක් පුරවා තිබිය යුතුයි.
නමුත් කොරෝනා මර්මස්ථානයක සිට Northern Territory වෙත පැමිණෙන පුද්ගලයින් $2,500 ක් ක් වන වියදම තමන් විසින්ම දරමින් අනිවාර්ය නිරෝධායනයට යොමු විය යුතුයි.
Sydney, Parramatta, northern beaches සහ Hornsby ඇතුළු Greater Sydney කලාපය මේ වන විට කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර තිබෙනවා.

