SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට ආනයනය කිරීමට හෝ අපනයනය කිරීමට හෝ තහනම් භාණ්ඩ මෙන්න (SBS සිංහල/ වාර්තා)

සෑම වසරකම ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ නිලධාරීන් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ හා වරායවලදී තහනම් භාණ්ඩ දහස් ගණනක් අල්ලා ගන්නා බව ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය පවසයි.

ABF
Australian Border Force reminder to Christmas shoppers about the prohibited items to import or export to Australia Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයඑළඹීමත් සමග ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය (ABF) විදෙස් රටවලින් තෑගි මිලදී ගෙන ඔස්ට්‍රේලියාවට එම භාණ්ඩ ගෙන්වා ගන්නා පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට ආනයනය කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳව දැනුවත්ව සිටින ලෙස සිහිපත් කරයි.

සෑම වසරකම ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ නිලධාරීන් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ හා වරායවලදී තහනම් භාණ්ඩ දහස් ගණනක් අල්ලා ගන්නා බව ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය පවසයි. 

රටේ ප්‍රජාවට හානියක් නොවිය යුතුයි

ව්‍යාජ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ power tools අනුකරණය කළ ගිනි අවි, මත්ද්‍රව්‍ය, butterfly වර්ගයේ පිහි, karambits, nunchakus, laser pointers සහ තවත් බොහෝ දේ එම භාණ්ඩ අතර වන බව ඔවුහු සඳහන් කරති.

ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායේ මෙම දැඩි පාලනයෙහි අරමුණ ඔස්ට්‍රේලියාවට ආනයනය කරන භාණ්ඩ රටේ ප්‍රජාවට හානියක් නොවන බව සහතික කිරීම බව රේගු සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ වැඩබලන සහකාර ලේකම් Suzanne Ford පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම නිවාඩු කාලය තුළ online ව්‍යාජ භාණ්ඩ ඔබට, ඔබේ පවුලේ අයට සහ ඔබේ මිතුරන්ට අනතුරුදායක විය හැකි බව මතක තබා ගන්නා ලෙස සහකාර ලේකම් Ford පැවසුවාය.

“හානිකර අමුද්‍රව්‍ය සමග වන ව්‍යාජ රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපාංග සහ power tools ඉතා සතුටින් තෑගී ලෙස මිලදී ගත හැකියි, නමුත් එම තෑගිවලින් හානියක් සිදු වුවහොත් තත්ත්වය ඉතා අයහපත් අතට හැරී එම ප්‍රීතිය ඉක්මනින් මැකී යා හැකියි." යනුවෙන්ද රේගු සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ වැඩබලන සහකාර ලේකම් Suzanne Ford පැහැදිලි කළාය.

පිටරටින් අන්තර්ජාලය හරහා මිලදී ගන්නා ඇතැම් සෙල්ලම් බඩු ඊයම් හෝ රසදිය වැනි විෂ ද්‍රව්‍යවලින් ආලේප කර ඇති ඒවා විය හැකි අතර ඒවා තහනම් කර තිබේ.

එනිසා විදෙස් රටවලින් භාණ්ඩ මිලට ගන්නා විට සෑම විටම පිළිගත් වෙබ් අඩවියකින් මිලදී ගන්නා ලෙස සහකාර ලේකම් Suzanne Ford ඔස්ට්‍රේලියානුවාසීන්ට උපදෙස් දුන්නාය.

2021-22 දී, ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ නිලධාරීන් විසින් තහනම් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට ආනයනය කරන ලද ජාත්‍යන්තර තැපැල් භාණ්ඩ මිලියන 35 කට වැඩි ප්‍රමාණයක් සහ මුහුදු භාණ්ඩ තොග 54,000 ක් පරීක්ෂා කරන ලදී.

තහනම් භාණ්ඩයක් හඳුනා ගත්තොත් එය දේශසීමාවේ දී අල්ලාගන්නා බවත් එහිදී ඔබ හුදෙක් ඔබේ මුදල් නාස්ති කරගන්නා බවත් විශේෂයෙන් වසරේ මේ අවස්ථාවේදී එය දැකීමට අපට අවශ්‍ය නැති බවත් සහකාර ලේකම් Suzanne Ford පැවසුවාය.

ඔස්ට්‍රේලියාවට ආනයනය කිරීමට හෝ ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කිරීමට හෝ තහනම් කළ භාණ්ඩ

ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියාවට ආනයනය කිරීමට හෝ ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කිරීමට හෝ තහනම් කළ භාණ්ඩ පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් ඇත.

එම ලැයිස්තුවට මෙතනින් පිවිසෙන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now