SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කුඩාම ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය මෙන්න.

Tasmania State Election 2018
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය සෙනසුරාදා (03/03) පැවති ඔස්ට්‍රේලියාවේ කුඩාම ප්‍රාන්ත මැතිවරණය ලෙස හැඳින්වෙන ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයගත් අතර Will Hodgman නොකඩවා දෙවැනි වරටත් ප්‍රාන්ත මහ ඇමති ලෙස තේරී පත් විය.

ටස්මේනියානු පහළ මන්ත්‍රණ සභාවේ මුළු ආසන 25 න් මේ වන විට ආසන 13 ක් ස්ථාවර කරගැනීමට ලිබරල් පක්ෂයට හැකිවී ඇති අතර ඒ අනුව ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට ඔවුන් සමත් වී ඇත.

poker සුදු යන්ත්‍ර ප්‍රාන්තය තුල ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිලිබදව ප්‍රධාන පක්ෂ දෙක ලබාදුන් පොරොන්දු මෙවර ටස්මේනියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධාන කාරණයක් බවට පත්විය.

කම්කරු පක්ෂය poker සුදු යන්ත්‍ර  ටස්මේනියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක කිරීමේදී සිමා පනවන බව ප්‍රකාශ කල අතර, ලිබරල් පක්ෂය ප්‍රකාශ කලේ, 2043 වනතෙක් ප්‍රාන්තය තුල අදාල සුදු යන්ත්‍ර  ක්‍රියාත්මක කිරීමට තම පාලනය යටතේ සැලසුම් කරන බවයි.

කෙසේ වෙතත් මෙම මැතිවරණය පරාජයට පත් වුවත් poker සුදු යන්ත්‍ර  පිළිබද ලිබරල් පක්ෂ යෝජනාවට තම පක්ෂය විරෝධය පල කරන බව ටස්මේනියා ප්‍රාන්ත කම්කරු පක්ෂ නායිකා  Rebecca White  පවසයි.

තවද ලිබරල් පක්ෂයට මෙම Poker සුදු යන්ත්‍ර  හිමිකරුවන්ගෙන් වාසි  ඇති බවද ඇය  වැඩි දුරටත් සදහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now