සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුබද්ධිත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු (Casual Producer - Sinhala) ලෙස කටයුතු කිරීමට දැන් ඔබට කදිම අවස්ථාවක් උදාවී තිබේ.
ගුවන් විදුලි වැඩසටහන් මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද වැඩ කටයුතු කිරීමට මේ මගින් ඔබට අවස්ථාව හිමිවේ.
SBS සිංහල - නිෂ්පාදක තනතුර (Casual Producer - Sinhala)
මෙල්බර්න් හෝ සිඩ්නි හි සිට SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු (Casual Producer - Sinhala) ලෙස කටයුතු කිරීමට මෙමගින් ඔබට අවස්ථාව ලැබේ. (මෙම තනතුර සඳහා අයදුම් කිරීමට මෙල්බර්න් හෝ සිඩ්නි ආසන්නයේ වාසය කිරීම අනිවාර්ය වේ.)
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට මෙන්ම SBS සිංහල වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති, කාලීන විශේෂාංග ඇතුළු නිර්මාණශීලී අන්තර්ගතයන් නිර්මාණය කිරීම මෙම තනතුරේ වගකීමයි
මෙය Casual Producer තනතුරක් වන අතර සේවා මුර ලේඛනයකට අනුගතව සේවය කළ යුතුය.
අයදුම් කිරීමට තිබියයුතු සුදුසුකම්:
ඔබට මීට පෙර ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්නම් වඩා යෝග්‍ය වේ.
සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය. (මෙහි සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේදී ඔබට භාෂා පරීක්ෂණයකට මුහුණ දීමටද සිදුවේ)
ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් වලට අමතරව මෙම තනතුර සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත සුදුසුකම් සහ හැකියාවන් පෙන්විය යුතු වේ.
ගුවන් විදුලි සහ ඩිජිටල් මාධ්‍ය සඳහා පුවත් සහ තොරතුරු පර්යේෂණය කිරීම, ලිවීම, පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම.
අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳ මනා දැනීමක් තිබීම සහ ඒවායේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම. (SEO සහ CMS පිළිබඳ දැන සිටීම අමතර සුදුසුකමකි)
Facebook, Twitter සහ Instagram මෙහෙයවීමේ වෘත්තීය පළපුරුද්දක් ඇතිනම් එය අමතර සුදුසුකමක් වනු ඇත.
අයදුම් කිරීම:
SBS සිංහල වැඩසටහනේ මෙම නිෂ්පාදක (Casual Producer - Sinhala) තනතුර සඳහා දැන් ඔබට SBS Careers ඔස්සේ අයදුම් කළ හැකියි.
** මේ සඳහා අයදුම් කල හැක්කේ ඔස්ට්‍රේලියාව් දැනට මෙල්බර්න් හෝ සිඩ්නි යන නගර ආශ්‍රිතව ජීවත්වන අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.**
______________________________________________________________________________
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න