SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට අදාළ අලුතින්ම පිටවූ ගැසට් පත්‍රය මෙන්න.

LG polls in Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (11/11) දිනයේදී නිකුත් විය.

ඒ සමග පළාත් පාලන  මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමේ කටයුතුවලට අදාළ මූලික වැඩපිළිවෙල ආරම්භ කිරීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිටු 220 කින් සමන්විත වන අදාළ ගැසට් නිවේදනයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා 2 ක් ද අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ආගරපතන හා කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක් ද අලූතින් පිහිටුවීම පිළිබදව සියලු තොරතුරු ඇතුළත් වේ.

මීට අමතරව, පොළොන්නරුව - තමන්කඩුව ප්‍රාදේශීය සභාව ද පොළොන්නරුව මහනගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස මෙවර වෙනස් වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීම නොවැම්බර් මස අවසන් සතියේදී ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා ලබා දීමේ කාලසීමාව දෙසැම්බර් 11 සහ 20 වනදා අතර වනු ඇතැයි ද  අපේක්ෂා කෙරේ.

සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය 2018 වසරේ ජනවාරි 20 සහ 31 අතර දිනකදී පැවැත්වෙන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

Daily News හා Daily Mirror ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now