SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් Taxi වල ගමන් කරන පුද්ගලයින්ට ලබාදුන් නවතම පණිවිඩය මෙන්න

NSW taxi
NSW will remove cap on taxi licences Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කුලී රථවල ගමන් කිරීමේදී පිටුපස අසුනේ අසුන් ගන්නා ලෙසත් මුව ආවරණයක් පළඳින ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුව දින 8 ක් පුරාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී රථ රියදුරෙක් කුලී රථ ධාවනය කිරීමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ රියදුරා Moorebank, Bankstown, Chipping Norton, Liverpool, Lidcombe, Warwick Farm, සහ Milperra නැමති බටහිර සිඩ්නි උප නගර වල සිය කුලී රථය ධාවනය කළ බවට තොරතුරු ලැබී තිබේ.

සැප්තැම්බර් 8 සිට 18 දක්වා කාලය තුළදී එම ප්‍රදේශ වල කුලී රථ වලින් ගමන් ගත් පුද්ගලයින් සිටී නම් කොරෝනා රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දන්වා සිටිති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now