මේ නිවාඩුවේ ඔස්ට්‍රේලියාවෙන් පිටත සංචාරය කරනවිට සහ යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී දැන සිටිය යුතු සංචාරක උපදෙස්

ඔබ විදේශගත වීමට අදහස් කරන්නේ නම්, ඔබේ ගමනාන්තය තුළ COVID-19 වැළඳීමේ අවදානම සහ ඔබට සහ ඔබ සමඟ ගමන් කරන අයට ඇති විය හැකි මුල්‍ය අලාභ ඔබ විසින් අවබෝධ කරගත යුතු බව මධ්‍යම රජය පවසයි.

Graphic showing a traveller with passport, mask and PCR test.

Global COVID-19 Health Advisory including returning to Australia Source: SBS / SBS News

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම නිවාඩුව සහ පාසල් නිවාඩුව එළඹීමත් සමග බොහෝ දෙනා ශ්‍රී ලංකාවට මෙන්ම අනෙකුත් රටවලට විදෙස් සංචාරවල යෙදෙනු දක්නට ලැබේ.

කොවිඩ් වසංගතය පැමිණීමත් සමග පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උද්ගතව ඇති නිසා මේ දිනවල විදෙස් රටවල සංචාරය කරන සහ එලෙස සංචාරය කර යළි ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානුවාසීන්ට විශේෂ සංචාරක උපදෙස් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නිකුත් කර තිබේ.

සාමාන්‍ය සංචාරක උපදෙස්

ඔබ විදේශගත වීමට අදහස් කරන්නේ නම්, ඔබේ ගමනාන්තය තුළ COVID-19 වැළඳීමේ අවදානම සහ ඔබට සහ ඔබ සමඟ ගමන් කරන අයට ඇති විය හැකි මුල්‍ය අලාභ ඔබ විසින් අවබෝධ කරගත යුතු බව මධ්‍යම රජය පවසයි.

ඔබේ විදෙස් සංචාරය අතරතුර කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කළහොත් කුමක් කළ යුතු දැයි දැන ගන්නා ලෙස ද රජය උපදෙස් දෙයි.

කොවිඩ් එන්නත් ඇතුළුව ඔබගේ සංචාරක එන්නත්කරණය යාවත්කාලීන කර ගැනීමෙන් ඔබට විදෙස් සංචාරවලදී අසනීප වීමේ අවදානම අවම කර ගත හැකිය.

ඕනෑම විදෙස් රටක සංචාරය කිරීමට පෙර කොවිඩ් එන්නත්කරණය යාවත්කාලීන කරගන්නා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සියලුම සංචාරකයින් දිරිමත් කරයි.

එමෙන්ම පහත සඳහන් සරළ සනීපාරක්ෂක පියවර සහ බෝවන රෝග පාලන පියවර අනුගමනය කරන්න:

  • මුව ආවරණ පළඳින්න
  • නිතරම දෑත් සබන් යොදා හොඳින් සෝදන්න
  • පුද්ගල දුරස්ථභාවය තබාගන්න

ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීම

හොංකොං සහ Macau ඇතුළු චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් තමන් එරටින් පිටත්වීමට පැය 48 ක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ඍණාත්මක ප්‍රතිඵලයක් ලබා ගත යුතුය.

මෙය ඔබගේ කොවිඩ් එන්නත් තත්ත්වය කුමන මට්ටමක පැවතියත් සහ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ද අදාළ වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

හොංකොං සහ Macau ඇතුළු චීනයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් සඳහා සංචාරක නීති රීති තිබිය හැකි බැවින්, ඔබ ගමන් කරන හෝ transiting හෙවත් සංක්‍රමණය වන ඕනෑම ගමනාන්තයක සංචාරක නීති නිතිපතා පරීක්ෂා කිරීම ද වැදගත් වේ.

රටකට ඇතුල්වීමේ සහ රටකින් පිටවීමේ කොන්දේසි පිළිබඳ නවතම විස්තර සඳහා, ඔබ ඔබේ ගුවන් සමාගම හෝ සංචාරක සැපයුම්කරු හෝ ඔබ ඇතුළු වන හෝ සංක්‍රමණය වන ගමනාන්තයේ ළඟම ඇති තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය සම්බන්ධ කර ගත යුතුය.

එන්නත් කළ සංචාරකයින් සඳහා උපදෙස්

එන්නත් මඟින් ආරක්ෂාව සපයන නමුත් ඔබට වයිරසය වැළඳීමේ අවදානම තවමත් පවතී. එනිසා ඔබ සංචාරය කරන විට පහත පියවර අනුගමනය කරන්න:

  • දේශීය මහජන සෞඛ්‍ය නියෝග පිළිපදින්න
  • රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන්න
  • උපදෙස් පරිදි සහ සුදුසු ස්ථානවල මුව ආවරණ පළඳින්න
  • දෑත් සේදීම වැනි යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිපදින්න
  • රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කරගන්න

එන්නත් නොකළ සංචාරකයින් සඳහා උපදෙස්

ඔබ එන්නත් කර නොමැති නම්, ඔබ සංචාරය කරන අතරතුර COVID-19 වැළඳීමේ සෞඛ්‍ය අවදානම් පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් වන්න.

කොවිඩ් එන්නත් ලබා නොගැනීම නිසා ඔබ COVID-19 හේතුවෙන් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

COVID-19 හදිසියේ පැතිරීම ඔබට අමතර අවදානමක් ඇති කරයි, විශේෂයෙන් අඩු එන්නත් ආවරණයක් සහිත ගමනාන්තයන් තුළ එම අවදානම වැඩිය. එහිදී සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීම ද දුෂ්කර විය හැකිය.

පහත සඳහන් තත්ත්වයන් ඇතිනම් සංචාරය කිරීමට ඇති අවශ්‍යතාවය නැවත සලකා බලන්න:

  • COVID-19 ට එරෙහිව එන්නත් කර නොතිබීම
  • වයස නිසා කොවිඩ් එන්නත්කරණයට නුසුදුසු වීම
  • විවිධ සෞඛ්‍ය හේතු නිසා කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් නිදහස් වීම

ජාත්‍යන්තර දේශසීමා අවශ්‍යතා සහ සංචාරක බාධා

සෑම රටක්ම හෝ ටෙරිටරියක්ම තම දේශසීමා හරහා ඇතුළු විය හැක්කේ කාටද යන්න තීරණය කරයි. ඇතැම් ගමනාන්ත විදේශීය සංචාරකයින් සඳහා වසා ඇත.

මෙම ඇතුල්වීමේ සහ පිටවීමේ නීති කෙටි දැනුම්දීමකින් වෙනස් විය හැක.

එනිසා ඔබ පහත සංචාරක බාධාවලට මුහුණු දීමේ සම්භාවිතාවක් ඇත:

  • ඇතැම් ස්ථානවලට ප්‍රවේශ වීමේ කොන්දේසියක් ලෙස කොවිඩ් එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි පෙන්වීම
  • පැමිණීමේ දිනයේ සිට යම් කාලයක් සඳහා හුදකලා වීම
  • සෘණ COVID-19 ප්‍රතිඵලයක් පෙන්වීම
  • COVID-19 සංචාරක රක්ෂණය පිළිබඳ සාක්ෂි පෙන්වීම.

කොවිඩ් එන්නත් කිරීමේ අවශ්‍යතා ඔබගේ ගමනාන්තය අනුව වෙනස් විය හැක. එනිසා සංචාරය කිරීමට පෙර ඔබ ඔබේ ගමනාන්තයේ අවශ්‍යතා සපුරාලන්නේ දැයි නිතරම පරීක්ෂා කරන්න.

විදේශ රජයන් ඔබගේ පිටවීම වළක්වන සංචරණ සීමා පැනවිය හැක.

ඔබ හෝ ඔබගේ සංචාරක කණ්ඩායමේ සිටින අයෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන්නේ නම්, ඔබ ඔබේම වියදමින් හුදෙකලා විය යුතුය.

ඔබ සැලසුම් කළ කාලයට වඩා වැඩි කාලයක් ඔබේ ගමනාන්තයේ සිටීමට ඇති හැකියාව සඳහා සූදානම් වන්න.


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now