SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවෙ මේ ප්‍රාදේශීය සභා (council) වල මෙවර ඕස්ට්‍රේලියා දිනය සැමරෙන්නේ නැහැ (SBS සිංහල / වාර්තා)

ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය සැමරීම පිළිබද විවිධ විවේචන එල්ල වී ඇති අතර ඒ නිසාම පහත කවුන්සිල විසින් එය 26 වැනිදා සැමරීම අත්හිටුවා ඇත. නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කිසිදු දින වෙනස් කිරීමකට ඔහු එකග නොවන බවයි.

a
Source: AAP

2 min read

Published

By Charitha Adikari


Skip to article content

Yarra City, Victoria

මෙල්බන් නුවර යාරා city කවුන්සලයේ සියලු සාමාජිකයන් එක්ව වසර 2017 දී තීරණය කලේ ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය යයි සදහන් නොකර , එය සැමරීම වලක්වීමටයි.

Darebin, Victoria

මෙල්බන් නුවර Northcote, Preston,Reservoir වැනි නගර අයත් වන මෙම කවුන්සිලය ජනවාරි 26 වැනිදා බ්‍රිතාන්‍ය ආක්රමනය සංකේතවත් වන බැවින් එය ආක්‍රමණ දිනයක් ලෙස පිලිගෙන තිබේ. ඕස්ට්‍රේලියා දිනයේ ඔවුන් පිරිනමන සම්මාන Darebin Community Awards ලෙසින් නම් කොට ඇත

Moreland, Victoria

වසර 2017 සැප්තැම්බර් වන විට මෙම කවුන්සිලය ද 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය සැමරීමෙන් ඉවත් වුනා. නමුත් ඔවුන් තවදුරටත් පුරවැසිභාවය ලබා දීමේ උළෙල මෙම දිනයේ සිදු කරනවා

Inner West, New South Wales

පසුගිය වසරේ නොවැම්බර් සිට මොවුන් 26 වැනිදා ඔස්ට්‍රේලියා දිනය නොසලකන බව හෙළි කළා. එම ප්‍රදේශයේ පවතින Marrickville Community Festival,Citizen of the Year awards ආදිය වෙනත් දින වලට මාරු කොට Aboriginal Yabun festival එක සැමරීමට ඉඩ සලසා තිබේ

Fremantle, Western Australia

මොවුන්ද වසර 2017 ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය ලෙස නොසලකන බවට තීරනය කළා. ඒ වෙනුවට වෙනත් දිනක නගරයේ ජනයා එක්ව උත්සවයක් පැවැත්වෙන අතර මෙවර එය සිදුවන්නේ ජනවාරි 25 වැනිදායි. එය බොහෝ ආදී වාසී කළා ශිල්පීන්ද සහභාගී වේ

Flinders Island, Tasmania

වසර 2013 ම මෙම කවුන්සිලය ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය ලෙස නොසලකන බවට තීරනය කළා. 

ඒ වෙනුවට ඔවුන් Furneaux Island Festival community BBQ and concert නම් උත්සවය පවත්වයි

Launceston, Tasmania

Launceston කවුන්සිලය පසුගිය වසරේදී ප්‍රකාශ කලේ ඔවුන්ගේ පුරවැසිභාවය ලබා දීමේ උළෙල නව දිනයක එනම් ජනවාරි 25 වැනිදා පවත්වන බවයි. 

ඕස්ට්‍රේලියා දින සම්මාන ලබා දීම community recognition awards ceremony නම් උළෙලක් තුලින් සිදු වේ. ජනවාරි 26 වැනිදා ආදිවාසී ජනයාට වේදනාව ගෙන දෙන දිනයක් නිසා මෙසේ සිදු කර තිබෙනවා.

Byron Shire, New South Wales ?

වසර 2018 සැප්තැම්බර් මස Byron Shire කවුන්සිලය 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය ලෙස නොසලකන බවට තීරනය කළා. නමුත් මේ පිලිබදව දේශපාලන නායකයින්ගේ විරෝධය එල්ල වුනා. සංක්‍රමණික අමාත්‍ය David Coleman මෙම කවුන්සිලයට පුරවසිභාව සැමරීමේ අයිතිය නැති කොට තිබේ. එසේම අග්රාමාත්යවරයාද මෙය විවේචනය කර තිබේ 

ඒ නිසාම කවුන්සිලය නැවතත් ඕස්ට්‍රේලියා දින සැමරීම් 26 වැනිදාට යෙදුවත් අනෙකුත් සියලු ඒ හා සම්බන්ධ සැමරීම් වෙනත් දිනකට මාරු කරන බව පැවසුවා. එසේම ඔවුන් මේ වසරේ ජනවාරි 25 වැනිදා මෙය සැමරීමටද Survival Day යනුවෙන් වැඩසටහනක් ඉදරිපත් කිරීමටද සුදානම් 

 

Source: SBS Feed

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now