Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සුබසාධන දීමනා හිමියන්ට ජනවාරි 1 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දේපල නීති වෙනස් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/වාර්තා)

2023 ජනවාරි 1 වැනිදා සිට වෙනස්වන ඕස්ට්‍රේලියාවේ දේපල නීති වලට අනුව, Centrelink ප්‍රතිලාභ ලබන්නෙකු තම ප්‍රාථමික නිවාසය විකිණීම සිදු කල හොත්, ඔවුන් නව නිවස සඳහා භාවිතා කිරීමට අදහස් කරන විකිණූ නිවසින් ලැබෙන මුදල් ප්‍රමාණය, ඔවුන්ගේ වත්කම් පරීක්ෂණයට ඇතුළත් නොවන බව Services Australia පවසයි.

Sydney led Australia's home price boom over the past three years, but now it is declining.
Sydney led Australia's home price boom over the past three years, but now it is declining. Source: ABC Australia

Key Points

  • 2023 ජනවාරි 1 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දේපල නීති වෙනස් වීම
  • 2023 වසරේ සිට සුබසාධන දීමනා ඉහල යාම

2023 වසරේදී වෙනස්වන නව ඕස්ට්‍රේලියානු දේපල නීති වලට අනුව, ඔබ ඔබේ ප්‍රධාන නිවස විකිණීම සිදු කල හොත්, ඔබේ නව නිවස මිලදී ගැනීම සඳහා ඔබ භාවිතා කිරීමට අදහස් කරන විකුණුම් ආදායම ඔබේ වත්කම් පරීක්ෂණයට ඇතුළත් නොවේ.

2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට නිවාස අලෙවිය සඳහා ඔස්ට්‍රේලියාව තුල වත්කම් පරීක්‍ෂණයේ වෙනස්කම් මෙලෙස සිදු වන අතර, මෙම වෙනස්කම් දිගු කාලයක් සඳහා අදාළ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබට තිබෙන නිවාසයට වඩා අඩු ඉඩක් සහ කාමර සහිත නිවසකට යාමට අවශ්‍ය නම් හෝ වෙනත් නිවසකට යාමට අවශ්‍ය නම් මෙය ඔබට උපකාරයක් වනු ඇත.

A "For Sale" sign for a home Springfield Lakes in Brisbane's west, Thursday, July 4, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING
A "For Sale" sign for a home Springfield Lakes in Brisbane's west, Thursday, July 4, 2013. (AAP Image/Dan Peled) Source: AAP

එමෙන්ම අලුත් නිවසක් තැනීම හෝ පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීම යන ඕනෑම කාර්යයකදීත් මෙය අදාළ වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store 

හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

උදාහරණ වශයෙන් "ඔබ ඔබේ නිවස ඩොලර් මිලියනයකට විකුණා නව නිවසක් ඩොලර් 800,000කට මිල දී ගෙන, ඩොලර් 50,000ක් ප්‍රතිසංස්කරණය සඳහා වියදම් කල හොත්, ඔබට වාර්තා කිරීමට සිදු වන්නේ ඔබේ ආදායම සහ වත්කම් මත අමතර ඩොලර් 150,000ක මුදල් ප්‍රමාණයක් පමණි"

Property Markets
Source: AAP

Centrelink ප්‍රතිලාභ, සෙසු දීමනා සහ ඇතැම් අඩු ආදායම්ලාභී සෞඛ්‍ය සේවා කාඩ්පත් හිමියන්ට මෙම වෙනස්කම් අදාල වන බව Services Australia පවසයි.

කෙසේ නමුත් ඔබ ඔබේ නිවස විකිනීම සිදු කරන්නේ නම් ඒ බව දින 14කට පෙර දැනුම් දිය යුතු බවත් Services Australia සඳහන් කොට සිටී.

සතියකට ඩොලර් 20ක් ඉහල දැමීම සම්බන්ධයෙන් Centerlink සිදු කරන වෙනස්කම් මත, නව වසරේදී මිලියනයකට ආසන්න ඕස්ට්‍රේලියානුවන්ට මෙම ප්‍රතිලාභ හිමිවේ.

Centerlink
Source: AAP

මේ අනුව Youth allowance හෙවත් තරුණ ප්‍රජාව සඳහා වන දීමනාව දෙසතියකට ඩොලර් 19.10 ත් 41.40 ත් අතර ඉහළ යනු ඇති අතර Austudy දීමනාව දෙසතියකට ඩොලර් 32.40 ත් 41.40 ත් අතර ඉහල යාම සිදු වේ.

වයස අවුරුදු 21 ට අඩු සහ දරුවන් නොමැති ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් හට දෙසතියකට ඩොලර් 27.40 ත් 40.70 ත් අතර ලැබෙන අතර සෙසු දීමනා රැසක්ද 2023 වසරේදී ඉහල යාම සිදු වේ.


2 min read

Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now