Explainer

ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති වෙනස් කරමින්, ස්ථිර සංක්‍රමණිකයින් ඉහල දැමීමට රජයේ අවධානය (SBS සිංහල/ වාර්තා)

ඕස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ ක්‍රමය "ගැටලුකාරී" සහ "පසුගාමී" වන බවත් මේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පවසයි.

People walking through an airport.

Clare O'Neil says the migration system makes Australia unattractive to skilled migrants. Source: Flickr

KEY POINTS:
  • ඕස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ ක්‍රමය පිළිබඳව නැවතත් සිතා බැලිය යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පවසයි.
  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් සඳහා පවතින 'ස්ථිර තාවකාලික' තත්ව සංක්‍රමණිකයන්ට සහ ආර්ථිකයට හානි කරන බව ඇය අනතුරු අඟවයි.
  • ජාත්‍යන්තර සිසුන්ට සහ පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සහ රැඳී සිටීමට පහසු කල යුතු බව Clare O'Neil පවසයි.
ඕස්ට්‍රේලියාව තාවකාලික සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති වලින් ඔස්ට්‍රේලියාව ඉවත් විය යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පවසයි.

එමෙන්ම මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි සිටින නිපුණතා සහිත දක්ෂ පුද්ගලයින් බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ ස්ථිරව සිටීමට කැමැත්ත පල කොට ඇති අතර, එය ප්‍රයෝජනයට ගත යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ තිබෙන සේවක හිඟය පියවා ගැනීමට නිපුණතා සහිත දක්ෂ සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමට මෙන්ම දක්ෂ ජාත්‍යන්තර සිසුන්ට දිගු කාලීනව රට තුළ රැඳී සිටීම පහසු කරන සංක්‍රමණික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදාදා ඕස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනයේ ශ්‍රම බලකායේ සමුලුව අමතමින් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අනතුරු අඟවා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම "පස් අවුරුදු ව්‍යාපෘතියක්" වන බවයි.

ඇය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ගැටලුකාරී වීම සම්බන්ධයෙන් පැවති ලිබරල් සන්ධානයටද මෙහිදී සිය විරෝධය පලකොට තිබේ.

ගෝලීයමය වශයෙන් ගත් කල, මෙම සංක්‍රමණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිටින ස්ථානය පිළිබඳව ඇය පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති සංකීර්ණ, මිල අධික සහ මන්දගාමී වන බවයි.ි

ඕස්ට්‍රේලියාව තාවකාලික සේවකයන් මත රඳා පවතින්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාව "තාවකාලික සේවකයන්" මත රඳා පවතින්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඇය පෙන්වා දුන්නේ, පසුගිය රජය සමයේ තාවකාලික සේවක පිරිස ඔස්ට්‍රේලියාව තුල ඉහල යන අතරතුරේ එම රජය නිපුණතා සහිත ස්ථීර සංක්‍රමණයන් සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට නොමැති බවයි.

එමෙන්ම තාවකාලික සංක්‍රමණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සැලකිය යුතු සමාජ හා ආර්ථික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මෙය නොසැලකිලිමත්කම සහ නිසි ප්‍රතිපත්ති නොමැතිවීම මත සිදුව ඇති බවත් Clare O'Neil පෙන්වා දෙයි.

A three-split image of a chef, a construction worker and a nurse.
A number of industries are facing a skills shortage. Source: AAP, Getty
ලේබර් පක්ෂය අවසන් වරට බලයේ සිටි 2007 වසරේදී, මිලියනයක් පමණ වූ ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණික වීසා (visitor වීසා සහ transit වීසා බලපත්‍ර හැර) හිමියන් සංක්‍යාව අද වන විට මිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබේ.

එය වාර්ෂිකව අතිරේක තාවකාලික වීසා හිමියන් 30,000 කින් ඉහල යාමක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පවසයි.

අඩු නිපුණතා සහිත, තාවකාලික සංක්‍රමණිකයෙකුට ඕස්ට්‍රේලියාවට පැමිණීම, සාපේක්ෂව මේ වනවිට පහසු නමුත්,ඉහළ නිපුණතා සහිත ස්ථිර සංක්‍රමණිකයෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණීම මේ වනවිට ඉතා දුෂ්කර සහ මන්දගාමී කටයුත්තක් වන බවත් ඇය පවසයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ඇය අවධාරණය කොට සිටී.

රජය කා සම්බන්ධයෙන් අවධානය යොමු කරයිද?

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට විශාල වාසියක් වන බවයි. නමුත් පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාව තුල උපාධිය ලැබීමෙන් පසු ජාත්‍යන්තර සිසුන් රටින් පිටවීම සිදුව ඇතැයිද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල උපාධියක් අවසන් කොට ඉතිරි වූවන්ගෙන් 40% ක් පමණ දෙනා ඔවුන් සුදුසුකම් ලැබූ ප්‍රමාණයට වඩා අඩු කුසලතා සහිත රැකියාවල නිරත වේ.

ඕස්ට්‍රේලියාවේ ඔවුන් පුළුල් ශ්‍රම බලකායට ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම මීට ප්‍රධානතම හේතුව බව Clare O'Neil පවසයි.

ඇය, 1994 වසරේදී සංක්‍රමණය වූ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු භෞතික විද්‍යාඥ Brian Schmidt පිළිබව සඳහන් කරමින් කියා සිටියේ Brian ගේ වීසා බලපත්‍රය දින හතරකින් සකස් කල බවයි.

කෙසේ නමුත් වර්තමානයේදී දක්ෂ තරුණ තාරකා විද්‍යාඥයින්ට, ඔවුන් සිටින වීසා කාණ්ඩය අනුව, වසරක් පමණ බලා සිටීමට සහ ඩොලර් දහස් ගණනක් ගෙවීමට සිදු විය හැකි බවත් Clare O'Neil කියා සිටී.

විදේශ රටවල සිටින පිරිසගේ සුදුසුකම් හඳුනා ගැනීම වේගවත් කිරීම ද න්‍යාය පත්‍රයට ඇතුලත් වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා හෙදියන්ගේ හිඟයක් තිබියදීත්, සුදුසුකම් ලත් සහ විදේශයන්හි සිට අයදුම් කරන පිරිසට, පවතින වීසා ක්‍රමය මත ඩොලර් 20,000 ක් දක්වා ගෙවීමට සිදු වේ. එමෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිගැනීමට මාස 35 ක් පමණ බලා සිටීමට සිදු වේ.

මෙවැනි දේ මගින්, ඕස්ට්‍රේලියාවට අවශ්‍ය සේවකයින්ට ඕස්ට්‍රේලියාව ආකර්ශනීය නොවන ගමනාන්තයක් බවට පත් කරන බවත් ඇය පෙන්වා දෙයි.

තාවකාලික සංක්‍රමණයට ඇති බලපෑම

තාවකාලික සංක්‍රමණිකයින් අඛණ්ඩව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ කොන්දේසි නිර්මානය කරන ප්‍රතිපත්ති ඉවත් කිරීමට ලේබර් පක්ෂය බලාපොරොත්තු වන බව Clare O'Neil පවසයි.
Federal Home Affairs Minister Clare O'Neil (AAP).jpg

පෙර පැවති එම කොන්දේසි හේතුවෙන් සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස සිටීමට නොහැකි වූ අතර, ඔවුනට ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ණයක් ලබා ගැනීමට නොහැකි විය.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ තාවකාලික වීසා හරහා අඛණ්ඩව මාරු වීම සිදු කල අතර එය ඔවුනට මෙන්ම ඕස්ට්‍රේලියාවටත් ගැටලුකාරී වන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

COVID-19 වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සහ වයස්ගත සත්කාර අංශවල පටන් ප්‍රාදේශීය ප්‍රදේශ වල ගොවිපල කටයුතු දක්වා ඉහල සේවක හිඟයක් මතු කොට තිබේ.

තමන් බලයට පත් වී මාස 12ක් ඇතුළත සෑම ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයකම පැය 24 පුරා දින 7ම සුදුසුකම් ලත් හෙදියක් සේවයේ යොදවන බව ලේබර් පක්ෂය පොරොන්දු වූ අතර, සේවක හිඟය හේතුවෙන් මෙලෙස මාස 12ක් පමණ ඇස්තමේන්තු කල බව ඇය පවසයි.

පසුගිය සැප්තැම්බරයේ පැවති ලේබර් රජයේ රැකියා සමුළුවේදී, සේවාදායකයින් සහ ව්‍යාපාරික නියෝජිතයන් මේ සඳහා ස්ථීර වැඩපිළිවෙලක් ඉල්ලා සිටි අතර, ඔවුන් කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ දැඩි වීසා නීති හේතුවෙන් ඔවුනට දක්ෂ සංක්‍රමණිකයින් අහිමි වන බවයි.

මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිත ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ "ස්ථිර සංක්‍රමණ ප්‍රමාණය" සොයා බලන අතර නිපුණතා සහිත දක්ෂ විදේශිකයන් සඳහා ඕස්ට්‍රේලියාව වඩාත් ආකර්ශනීය කරන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව තක්සේරු කිරීම සිදු කරයි.

Share

Published

By Finn McHugh, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service