ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මගින් පීඩා විදින ජනයාට ඔබේ සහය ලබා දිය හැකි ආකාර මෙසේයි (SBS සිංහල/ වාර්තා)

මේ වන විට ඔස්ට්‍රේලියාව ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටී. හෙක්ටයාර මිලියන 5ක් පමණ ගින්නට ගොදුරු වී ඇති අතර නිවාස 1000ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මේ විපතට පත් වුවන්ට ඔබේ සහය ලබා දිය හැකි අයුරු

b

Source: AAP

ඕස්ට්‍රේලියානු රතු කුරුස සංගමය -Australian Red Cross Bushfire Appeal

r
Source: AAP

ඕස්ට්‍රේලියානු රතු කුරුස සංගමය NSW හා වික්ටෝරියා යන ප්‍රාන්ත වල නිවෙස් වලින් ඉවත් වුවන් සිටින මධ්‍යස්ථාන වලට සහය ලබා  දේ. ඔවුන් මුදල් ලබා දීම, ප්‍රජාවන්ට හදිසි සේවා ලබා දීම, හා යතා තත්වයට පත් වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

ඔවුන්ට ආධාර සැපයීමට සියලු Comonwealth බැංකු ශාඛා මගින්ද , NSW හා ක්වීන්ස්ලන්තයේ රතු කුරුස වෙබ් අඩවියෙන්ද සිදු කල හැකි වේ. ඔබට සදුදා සිට සිකුරාදා දක්වා 1800 733 276 යන අංකය ඔස්සේ රතු කුරුස සංගමය ඇමතීමෙන්ද සහය ලබා දිය හැකියි

NSW Rural Fire Service

n
Source: nsw

NSW ප්‍රාදේශීය ගිනි නිවන ඒකකය විසින් ප්‍රාන්තය පුරා  දැවෙන ප්‍රදේශ වලට මුහුණ දෙන ජනයා හට සහය ලබා දේ. මෙහි සේවකයින් සියලු දෙනා ස්වෙච්චා සේවකයින් බැවින් ඔවුන්ගේ රැකියාවට  සතියකට පමණ නොගොස් මෙසේ සේවය කිරීම ඔවුන්ට ආර්ථික වශයෙන් ගැටළු ඇති කල හැකියි. දැනට මෙම සේවයේ නියුතු 3 දෙනෙකු ජීවිතක්ෂය පත් ව තිබේ

ඔබට credit card හරහා හෝ තැන්පතුවක් ලෙසින් ඔවුන්ට ආධාර කල හැකි බැංකු ගිණුම පහත දැක්වේ

NSW Rural Fire Service

BSB: 032-001

Account: 171051

මේ සදහා ඔබට රිසිට් පතක් අවශ්‍ය නම් මේ email ලිපිනයට දන්වන්න 

dgr@rfs.nsw.gov.au

චෙක් පත් හා money order පහත ලිපිනයෙන් එවිය හැකියි

NSW Rural Fire Service

Locked Bag 17,

Granville NSW 2142

The Victorian Country Fire Association Bushfire Disaster Appeal

වික්ටෝරියා ප්‍රාන්ත  ප්‍රාදේශීය ගිනි නිවන ඒකකය විසින් East Gippsland හා Hume යන ප්‍රදේශ වල විපතට පත් ජනයා වෙනුවෙන් මෙම ආධාර එකතු කිරීම කරනු ලබයි. සියලු ආධාර Bendigo බැංකු ශාඛා මගින් හෝ community enterprise foundation වෙබ් අඩවියෙන් සිදු කල හැකියි.

පහත බැංකු ගිණුම් වලටද ඔබට ආධාර ලබා දිය හැකි වේ.

Country Fire Authority Public Fund

BSB: 063 225

Account: 1022 2326

Branch: Forest Hill - 23 Mahoneys Road, Forest Hill Vic 3131

යම් ගිනි නිවන ඒකකයක් සදහා :

CFA Brigades Donation Fund

BSB: 063 225

Account: 1022 0603

Branch: Forest Hill - 23 Mahoneys Road, Forest Hill Vic 3131

Ref: Brigade name

ගැලවීමේ හමුදාව The Salvation Army

s
Source: Salvation Army

NSW , ක්වීන්ස්ලන්තය හා වික්ටෝරියා ප්‍රාන්ත වල  විපතට පත් වුවන්ට තාවකාලික හා දීර්ඝ කාලීන සහන ලබා දීම සිදු කෙරේ. පහත ලින්ක් එක මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ ආධාර කල හැකියි

Donate to the Disaster Appeal

Food Bank Bushfire Appeal

විපතට පත් වුවන්ට ආහාර මගින් සහය දක්වන අතර හදිසි සේවකයන් හා ප්‍රජාවන්ට අතවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහාත් මොවුන් ආධාර ලබා ගනියි

පහත ලින්ක් එක මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ ආධාර කල හැකියි

Natural Disaster Relief

supplychain@foodbank.org.au යන email ලිපිනයෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීම පිළිබද විමසන්න

Thread Together

th
Source: Threadtogether

මෙම සංවිධානය මගින් විපතට පත් වුවන්ට විවධ වෙළද සල් වලින් ඇඳුම් ලබා දීම සිදු කරයි. ඔබේ ආයතනයටත් ඒ සදහා ආධාර කල හැකි නම් 1300003789 දුරකතන අංකයෙන් හෝ info@threadtogether.org යන email ලිපිනය ඔස්සේ ඔවුන් අමතන්න

පහත වෙබ් අඩවිය ඔස්සේද ආධාර ලබා දිය හැකියි

https://www.threadtogether.org/donate/

 

Source: SBS News

s
Source: sbd

3 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now