SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා තැපැල් සමීක්ෂණයකට අවසර ලබා දුන් හේතු ශ්‍රේෂ්ඨාධිකරණය අද හෙළි කරයි.

High Court
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා තැපැල් සමීක්ෂණයක් පැවැත්වීමට අවසර ලබා දුන් හේතු මොනවාද යන්න අද (28/09) දිනයේදී මහජනතාවට හෙළි කරන බව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

මෙම තැපැල් සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියානු රජයේ ඒකාබද්ධ අරමුදලින් ඩොලර් මිලියන 122 ක පිරිවැයක් වෙන් කළ බවත් මුල්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එතරම් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ නොහැකි බවත් දක්වමින් සමලිංගිකත්වය පිළිබඳ උපදේශන කණ්ඩායම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළෝය.

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ලිබරල් සන්ධානය පසුගිය මැතිවරණයේදී පොරොන්දු වූ අනිවාර්ය ජනමත විචාරණයට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීමත් සමග මෙම තැපැල් සමීක්ෂණය සඳහා රජයේ අවධානය යොමු විය.

මේ වන විටත් ආරම්භ වී ඇති මෙම තැපැල් සමීක්ෂණය එළඹෙන නොවැම්බර් 07 වන දින අවසන් වන අතර නොවැම්බර් 15 වන දින එහි අවසාන ප්‍රතිඵලය නිකුත් කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now