දකුණු ආසියාතිකයන් තුළ බහුලව ඇති ජානයක් කොවිඩ් මරණ අවදානම දෙගුණ කරන බව සොයාගනී (SBS සිංහල/ වාර්තා)

කොවිඩ් මරණ අවදානම දෙගුණ කරන අධි අවදානම් ජානයක් දකුණු ආසියාතිකයන් තුළ බහුලව ඇති බව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සිදුකරන ලද අධ්‍යනයකදී හෙළිවී තිබේ.

How COVID-19 impacts South Asians.

A new study reveals the high-risk impacts of COVID-19 among people of South Asian backgrounds. Source: AP

COVID-19 වයිරසය මගින් ශ්වසනය අකර්මණ්‍ය වීමේ සහ මරණයේ අවදානම දෙගුණ කරන ජානයක් බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.

දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් අතර මෙය බහුලව දක්නට ලැබෙන බවද වාර්තා වේ.


Highlights

  • COVID-19 හේතුවෙන් පෙනහළු අකර්මණ්‍ය වීමේ සහ මරණයේ අවදානම දෙගුණ කරන ජානයක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.
  • එය LZTFL1 ලෙස නම් කර ඇත.
  • දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් මෙම අධි අවදානම් ජානය දරන බව අදාළ අධ්‍යනයෙන් හෙළිවී තිබේ.

කොවිඩ් නිසා අලුත් බියක්

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සිදුකරන ලද  Nature Genetics නමැති අධ්‍යයනයේදී මෙලෙස COVID-19 වයිරසය මගින් ශ්වසනය අකර්මණ්‍ය වීමේ සහ මරණයේ අවදානම දෙගුණ කරන ජානයක් පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ.

එය LZTFL1 ලෙස නම් කර ඇත.

යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් 15% ක් සමග සසඳන කල දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින්ගෙන් 60% ක් මෙම අධි අවදානම් ජානය දරන බව අදාළ අධ්‍යනයෙන් හෙළිවී තිබේ.
Emergency in India - Crematorium.
Source: By Anindito Mukherjee / Getty, April 20, 2021.

දකුණු ආසියානුවන් කොවිඩ් වයිරසයට වැඩි අවදානමක් ඇතිවීම

විවිධ සම්භවයන්ට අයත් පුද්ගලයින්ට මෙම ජානය සමාන බලපෑමක් ඇති නොකරන බව සොයා ගැනීම තීරණාත්මක අනාවරණය කිරීමක් බව අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂකයෙකු වන මහාචාර්ය James Davies පැවසීය.

දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් COVID-19 වයිරසයට වැඩි අවදානමක් ඇත්තේ ඇයිදැයි එයින් පැහැදිලි කළ හැකි බවද ඔහු පැවසීය.

"කොරොන වයිරසය ආසාදනයෙන් පසු ඇතැම් පුද්ගලයින් ඉතා බරපතල ලෙස රෝගී වන්නේ ඇයිදැයි අප සොයාගෙන ඇති ජානමය සාධකය පැහැදිලි කරනවා. එහිදී දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ට සැලකිය යුතු අවදානමක් ඇතිකරන තනි ජානයක් තිබෙනවා." යනුවෙන් ද මහාචාර්ය James Davies වැඩි දුරටත් පැහැදිලි කළේය.

දකුණු ආසියානු ප්‍රජාව තුළ COVID-19 ආශ්‍රිත සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ ඉහළ අනුපාතයට වෙනත් සාධකද දායක විය හැකි බව මහාචාර්ය Davies පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම, පොදු මහජනතාව විශාල වශයෙන් සම්මුඛවන රැකියාවල නිරත වීම සහ පරම්පරා කිහිපයක සාමාජිකයින් සමග එකම නිවසක වාසය කිරීම වැනි සාධක එහිදී වැදගත් වනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


LZTFL1 ජානය

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ  මෙම අධ්‍යයනයට අනුව LZTFL1 ජානය මගින් පෙනහළු ආවරණය කරන සෛල ආරක්ෂිත යාන්ත්‍රණයක් භාවිතා කිරීම වැළැක්විය හැකිය.

එසේ නොමැති නම් එම සෛල වයිරසයට එරෙහිව සක්‍රීය වනු ඇත.

LZTFL1 නැමති මෙම අධි අවදානම් ජානය ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල ක්‍රියාකාරිත්වය වෙනස් නොකරන බව ද මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.

කොවිඩ් වයිරසය නිසා අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට තවමත් කොවිඩ් එන්නත් ලබා ගැනීම ප්‍රයෝජනවත් යන කරුණ එයින් පෙනී යන බව මෙම අධ්‍යනයේ ප්‍රතිඵල පෙන්වා දෙයි.

"අපට අපේ ජාන වෙනස් කළ නොහැකි වුවත් මෙම අධි අවදානම් ජානය සහිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් විශේෂ ප්‍රයෝජනයක් ඇති බව මෙම අධ්‍යනය මගින් පෙනී ගොස් තිබෙනවා." යනුවෙන් මහාචාර්ය James Davies, BBC වෙත පැවසීය.

මෙම ජානය හඳුනාගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අති නවීන අණුක තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධියේ සංකලනයක් භාවිතා කරන ලදී.


Share

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
දකුණු ආසියාතිකයන් තුළ බහුලව ඇති ජානයක් කොවිඩ් මරණ අවදානම දෙගුණ කරන බව සොයාගනී (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala