COVID 19 update 18 August: කොවිඩ් වැළදී වසර දෙකකට පසු මොළය ආශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි අවදානමක්

2022 අගෝස්තු 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People in a crowd with two elderly people waring face masks.

Passengers wearing face masks at Southern Cross Station in Melbourne (file). Source: AAP / JOEL CARRETT/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 132 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 46 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 43 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ආරම්භක COVID-19 එන්නත් කිරීම මන්දගාමී සහ "අර්ධ ඵලදායී" නමුත් කාලයත් සමඟ එය වඩ වඩාත් සාර්ථක වූ බව ඔස්ට්‍රේලියානු ජාතික විගණන කාර්යාලය එහි නවතම වාර්තාවේ සඳහන් කරයි.

Aged care සහ ආබාධිත සේවා නිවැසියන් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනගහනය මුල් මාත්‍රා සඳහා ඉලක්ක කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබියදීත් රජයට එන්නත් කිරීමේ ඉලක්ක මඟ හැරී ඇති බව එහි සඳහන් විය.

COVID-19 ආසාදිත පුද්ගලයින් ඔවුන්ගේ අසනීපයෙන් වසර දෙකකට පසු අන් අය සමඟ සසඳන විට brain fog, ඩිමෙන්ශියාව සහ මනෝ ව්‍යාධි ඇතිවීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බව Lancet Psychiatry සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ ගෝලීය monkeypox ආසාදනවල 20% කින් (ආසාදිතයින් 7,500 ක් පමණ) ඉහළ යාමක් වාර්තා කළේය.

පිරිමින් සමඟ සම ලිංගිකව එක්වන පිරිමින් අතර සෑම ආසදනයක්ම පාහේ වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ආසාදිතයින් 36 බැගින්, ක්වීන්ස්ලන්තයේ 3 ක්, බටහිර ඔස්ට්‍රේලියාවේ 3 ක්, Australian Capital Territory හි දෙකක් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ දෙකක් ඇතුළුව ඔස්ට්‍රේලියාවේ monkeypox රෝගීන් 82 ක් ඇති බව නවතම දත්ත පෙන්නුම් කරයි.

පසුගිය සති හතර තුළ COVID-19 මරණ 35% කින් ඉහළ ගොස් ඇති බවත්, පසුගිය සතිය තුළ ගෝලීය වශයෙන් 15,000 දෙනෙකුට COVID-19 නිසා ජීවිත අහිමි වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

බ්‍රිතාන්‍යයට පසුව Omicron ප්‍රභේද ඉලක්ක කර යාවත්කාලීන කරන ලද බූස්ටර් මාත්‍රාවන් නිකුත් කරන ලොව දෙවැනි රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය ඉක්මනින්ම පත්විය හැකි බවද වාර්තා වේ.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now