ලංකාවේ වැඩිම කොරෝනා මරණ, ගංවතුර සහ වික්ටෝරියාවේ Lockdown අවසන් වීම ඇතුළු තතු: ජුනි 10 දා SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

කියවන්න ජුනි මස 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන්

A Sri Lankan man push a motor bicycle through a flooded road after heavy rainfall in Kaduwela suburb of Colombo, Sri Lanka, 05 June 2021.

A Sri Lankan man push a motor bicycle through a flooded road after heavy rainfall in Kaduwela suburb of Colombo, Sri Lanka, 05 June 2021. Source: AAP Image/EPA/CHAMILA KARUNARATHNE

Highlights
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් නිව් සවුත්වේල්ස් සහ ක්විස්ලන්ත ප්‍රාන්තවලට සංචාරය කල කාන්තාවක් හේතුවෙන් ප්‍රාන්ත දෙකෙහිම යලිත් කොරෝනා අවධානම් මතුවෙයි.
  • වික්ටෝරියාවෙන් අද දිනයේදී අලුතින් කොරෝනා ආසාදන 4ක්, අද මධ්‍යම රාත්‍රියෙන් ප්‍රාන්තයේ lockdown කාලසීමාව අවසන්වේ.
  • ශ්‍රී ලංකාවෙන් මෙතක් එක් දිනක් තුලදී වාර්තා වුනු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වේ.
  • ඇමරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්දව ගෙන තිබු විධායක තීරණ වෙනස්කිරීමට වත්මන් ජනපති ජෝ බයිඩන් තීරණය කරයි.
  • මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් නිව් සවුත්වේල්ස් සහ ක්විස්ලන්ත ප්‍රාන්තවලට සංචාරය කල කාන්තාවක් හේතුවෙන් ප්‍රාන්ත දෙකෙහිම යලිත් කොරෝනා අවධානම් මතුවෙයි

මෙල්බර්න් හි කොවිඩ් වෛරසය ආසාදිත කාන්තාවක් නිව් සවුත් වේල්ස් හරහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සන්ෂයින් කෝස්ට් හි Caloundra ප්‍රදේශය දක්වා ගමන් කිරීම හේතුවෙන් ක්වින්ස්ලන්තය යලිත් කොරෝනා තර්ජනයට මුහුණ දී සිටී. දැනටමත් ප්‍රාන්තය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 5 දෙනෙකු හමුව ඇති බව වාර්තා වේ.

මෙල්බර්න් හි මෙම කාන්තාව සහ ඇගේ සැමියා ප්‍රාන්ත තුනක් හරහා මහා මාර්ග ඔස්සේ චාරිකාවක නියැලී සිට ඇති අතර, ඊයේ ක්වීන්ස්ලන්තයේදී ඇය කොරෝනා වයිරසයට ධනාත්මක බවට හඳුනාගෙන ඇත.

මේ වන විටත් ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්සයේ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති ප්‍රදේශ 20 කට වඩා හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

කොවිඩ් වෛරසයට ධනාත්මක ද යන්න පිලිබඳ සනාථකොට ගැනීම සඳහා පරීක්ෂණ වලට යොමුවන ලෙසට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය යුවෙට් ඩාර්ත් ප්‍රාන්තයේ වෛරසයට නිරාවරණය වුනු ප්‍රදේශ වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා පරීක්ෂණ මධ්‍යස්ථාන වල කාලය දීර්ඝ කොට ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටියාය.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශේෂ අවධානයක්

මේ අතර, ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත වලින් සහ කැන්බරා නගරයේ සිට මෑතකදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට අතුලුවුනු පුද්ගලයින් සිටිනම් ඔවුනට වහාම කොවිඩ් වෛරස පරීක්ෂණ වලට බඳුන්ව අවශ්‍ය නම් ස්වයං නිරෝධායනයහි යෙදෙන ලෙසට බටහිර ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අද මධ්‍යම රාත්‍රියෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown අවසන්

අද උදෑසන වන විට වික්ටෝරියා ප්‍රාන්තයේන් අලුතින් කොරෝනා ආසාදන 4ක් වාර්තා වී තිබේ. එම පුද්ගලයින් 4 දෙනාම එකම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුනට වෛරසය සම්ප්‍රේෂණය වුනු ප්‍රභවය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බව වික්ටෝරියා සවිඛ්‍ය අශය වාර්තා කරයි.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට දැනට පනවා ඇති lockdown නීති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව මේ වන විට පනවා ඇති නිවසින් පිටවීමට අදාල හේතු පහ තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර දැනට සංචරණය සඳහා වලංගු කිලෝමීටර් 10 ක ගමන් සීමාව කිලෝමීටර 25 දක්වා ඉහළ යනු ඇත.

මහජන එළිමහන් රැස්වීම් 10 දෙනෙකුට සීමාවන අතර ගෘහස්තව සිදුවන ඒකරාශී වීම් සඳහා අවසර නොලැබේ. ආපනශාලා සඳහා පුද්ගලයින් 50 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව නැවත විවුර්ත කල හැක. පාසැල් නැවත පංතිකාමර අධ්‍යන කටයුතු සඳහා විවෘත වන අතර ව්‍යායාම සඳහා වන මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබේ.
එලිමහනේදී මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොවන බවට ඊයේ දිනයේදී නිවේදනය කලද අද (ජුනි 10) වන විට එය එළිමහනේ සහ ගෘහස්ත යන සෑම ස්ථානයකම මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බවට වෙනස් කොට තිබේ.
COVID-19 එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන තුරු මින් ඉදිරියටද lockdown කිරීමක් සිදු නොවන බවට තමාට සහතික විය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ පවසා සිටි

අද මධ්‍යම රාත්‍රියෙන් (10 June) අනතුරුව වික්ටෝරියා ප්‍රාන්තයට බලපාන නව කොරෝනා නීති සම්බන්ද සවිස්තරාත්මක තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට

වික්ටෝරියාවෙන් ගිය පවුලක් හේතුවෙන් නවසීලන්තයට කොරෝනා බියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලසීමාව තුලදී නවසීලන්තයට ඇතුළුවීමට උත්සහ කල මල්බර්න් වාසී පවුල පිළිබඳව නවසිලන්ත අගමැතිනියගේ අවධානය යොමුවෙයි.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා එකම පවුලේ තිදෙනෙකු පසුගිය සතියේ දී සිඩ්නි නුවර සිට ගුවන් යානයකින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මේ වන විට නිරෝධායනයට යටත් නොවන සංචාරක බුබුලක් ක්‍රියාත්මක වේ. නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ප්‍රජා ආසාදන යලිත් වාර්තා වෙද්දී වික්ටෝරියානු වැසියන්ට නවසීලන්තයට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවන ලදි.

මෙම පුද්ගලයින් හිතාමතාම කොරෝනා නීති කඩකොට ඇතිබව තහවුරු වුවහොත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩර්න් පවසා සිටියාය.

ශ්‍රී ලංකාවෙන් මෙතක් එක් දිනක් තුලදී වාර්තා වුනු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වේ

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී (ජූනි 9) කොවිඩ් ආසාදිත මරණ 67ක් වාර්තා වී තිබේ. මෙය දිනක් තුලදී මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 09ක කාලය තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 426ක් වේ.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2,735 කි. ඒ අනුව මේ වන විට ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,13,396 කි.

ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 21 ක්

පසුගිය ජුනි 3 වැනිදා සිට ශ්‍රී ලංකාවට බලපෑ වැසි, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ඊයේ වන විට පුද්ගල මරණ 21ක් වාර්තා වී තිබේ. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික් 10ක පවුල් 43,890කට අයත් පුද්ගලයන් 172,132ක් පිඩාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කොට සිටී.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ජපානයේ සහය

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැති යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාර හිමිව තිබේ.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහිද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ.

ට්‍රම්ප් ගේ ඇතැම් විධායක ජනාධිපති තීරණ වෙනස් කිරීමට නව ඇමරිකානු ජනපති තීරණය කරයි

Tik Tok සහ WeChat වැනි සමාජ මාධ්‍ය ඇප් වර්ග තහනම් කිරීමට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනතිබූ විධායක තීරණ රැසක් අත්හිටුවීමට වත්මන් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. Tik Tok සහ WeChat වැනි චීනය හා සම්බන්ද පරිඝනක මෘදුකාංග හරහා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි තර්ජන පිලිබඳ වාර්තාවක් සපයන ලෙසට , ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.

චීනයට අයත් මෙම Tik Tok සහ WeChat වැනිකෙටි වීඩියෝ හුවමාරු කළහැකි මෘදුකාංග ඇමරිකාව තුල බාගත කිරීම සහ ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කල නමුදු අධිකරණය මඟින් එම තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලදී.

මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය.

මේ වසරේ ක්‍රිකට් 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳ එමිරේට්ස් ක්‍රිකට් බලධාරීන් සමඟ ද ඉන්දියාව සාකච්ඡා පවත්වමින් සිටී. එහෙත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වීම සඳහා දැනටමත් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාව පළ කර ඇති බැවින් 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට විකල්ප රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉන්දියාවට සිදු වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත තරඟාවලියට පිටත්ව යයි

ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ එංගලන්තය බලා පිටත්ව ගියහ. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 24 දෙනෙක් ඇතුළත් වෙති. ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම මත බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාර වලට ඇතුළත් නොවූ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙවර එංගලන්ත සංචාරයට එක් වී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා - එංගලන්ත සංචාරයට එක්දින තරඟ 3 ක් සහ T 20 තරඟ 3ක් ඇතුලත් වේ. පළමු T 20 තරඟය ජූනි මස 23 දා කඩිෆ් හි සොෆියා ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 10 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකිය




 

 

 

 

 


Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලංකාවේ වැඩිම කොරෝනා මරණ, ගංවතුර සහ වික්ටෝරියාවේ Lockdown අවසන් වීම ඇතුළු තතු: ජුනි 10 දා SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් | SBS Sinhala