SKIP TO MAIN CONTENT

ඉන්දියාවේ වේල්ලක් මතට ග්ලැසියරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

A massive flood of water, mud and debris flow at Chamoli District after a portion of the Nanda Devi glacier broke off in Uttarakhand, India.
A massive flood of water, mud and debris flow at Chamoli District after a portion of the Nanda Devi glacier broke off in Uttarakhand, India. Source: KK Productions/AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉන්දියාවේ හිමාල අඩවිය ආසන්න උත්තරකන්ද් ප්‍රදේශයේ වේල්ලක් මතට ග්ලැසියරයක් කඩා වැටීමෙන් විශාල ගංවතුර තත්වයක් හටගෙන තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත් මේ වන විට වාර්තා වේ.

අතුරුදන්වූ පිරිස් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එක් පුද්ගලයෙකු ගේ දිවි බේරාගැනීමට අදාළ කණ්ඩායම් වලට හැකිවී තිබේ.

අදාළ වේල්ල හා ආශ්‍රිතව ඉදි කෙරෙන ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වල නියුතු පුද්ගලයින් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මෙම අනතුර නිසා අතුරුදන්වූ පුද්ගලයින් ගේ ප්‍රමාණය වැඩිවිය හැකි බව උත්තරකන්ද් ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය Trivendra Singh Rawat පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now