SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ඉතිහාසයම වෙනස් කරමින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත සෙනට් සභාවේදී සම්මත වෙයි.

Same-sex marriage bill passes the Senate
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

දින 3 ක ප්‍රබල විවාදයකින් සහ අසමත්වූ සංශෝධන වැලකින් පසුව ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත අද (29/11) සෙනට් සභාව තුළදී වැඩි ඡන්ද 31 කින් සම්මත විය.

මෙම පනතට පක්ෂව ඡන්ද 43 ක්ද විපක්ෂව ඡන්ද 12 ක්ද ලැබී ඇත.

ඒ අනුව මෙය ඔස්ට්‍රේලියාව තුළ නීතියක් ලෙස බලාත්මක කිරීමට පෙර ලබන සතියේදී පහළ මන්ත්‍රණ සභාවේ අනුමැතිය වෙනුවෙන් අවසාන ඡන්ද විමසීමට යොමු කරනු ඇත.

ඒ අනුව ලබන සතියේදී මේ සම්බන්ධයෙන් පහළ මන්ත්‍රණ සභාවේදී පැවැත්වෙන ඡන්දය ඉතා තීරණාත්මක එකක් වනු නොඅනුමාන බව වාර්තා වේ.

කෙසේවෙතත්, සමලිංගික විවාහ නීතිගත කිරීම එළඹෙන නත්තලට පෙර නීතිගත කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ සම්බන්ධ පැවැත්වුණු තැපැල් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල පැමිණි දිනයේ සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 15 වන දින එම තැපැල් සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී “Yes” යනුවෙන් 61.6% ක මනාපයක් ද “No” යනුවෙන් 38.4% ක මනාපයක් ද ලැබී තිබුණි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now