SKIP TO MAIN CONTENT

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේදී ඕස්ට්‍රේලියානු ධජය රැගෙන යාමේ ගෞරවය හොකී ක්‍රීඩක Mark Knowles හට (SBS සිංහල / වාර්තා )

Mark Knowles
Kookaburras captain Mark Knowles will be Australia's flagbearer at the 2018 Commonwealth Games. (AAP) Source: AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

හෙට ගෝල්ඩ් කෝස්ට් නුවරදී ආරම්භ වන පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේදී ඕස්ට්‍රේලියානු ධජය රැගෙන ගමන් කිරීමේ ගෞරවය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියානු හොකී  කණ්ඩායමේ නායක Mark Knowles හටයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසී, කඩුලු  මතින්  පැන දිවීමේ ශුරියක් වන සැලී  පියර්සන් හට මෙම අවසථාව හිමි වනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුවත් ඊයේ රාත්‍රී පැවති  විශේෂ උත්සවයකදී ප්‍රකාශයට පත් කල පරිදි සමාරම්භක උළෙලේදී ඕස්ට්‍රේලියානු ධජය රැගෙන ගමන් කිරීමේ ගෞරවය හිමිවන්නේ   හොකී  ක්‍රීඩක  Mark Knowles හටයි.

අබාධ සහිත තත්වයක් හේතුවෙන් කාන්තා  මීටර 100 කඩුලු  මතින් පැන  දිවීමේ ඉසව්වට  සැලී  පියර්සන්ගේ සහභාගීත්වය  අස්ථිර බවට විවිධ වාර්තා පසුගිය දිනවල පළවූ අතර, එම වාර්තා සහ මෙම තීරණය අතර කිසිදු සම්බන්දයක් නොමැති බව පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඕස්ට්‍රේලියානු කණඩායම් ප්‍රධානී  Steve Moneghetti සදහන් කර තිබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now