SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව පුරා නිවාස වෙන්දේසි වීම වාර්තාගත ලෙස ඉහල යයි (SBS සිංහල / වාර්තා )

House auction
Finance Minister Mathias Cormann follows in the footsteps of Joe Hockey in his advice to those struggling to buy their first home. Source: AAP

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාව  පුරා  නිවාස වෙන්දේසි වීම පසුගිය සතියකට ආසන්න  කාලය තුල වාර්තා ගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තාවක් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියාවේ අනෙක් නගර හා සංසන්ධනය  කිරීමේදී මෙල්බර්න් නුවරදී  වෙන්දේසිවූ   වූ නිවාස සංඛ්‍යාව මෙතෙක් වාර්තා වී ඇති ඉහලම අගය බව මෙම වාර්තාව සදහන් කරයි.

CoreLogic property market indicator, වාර්තාවට අනුව මාර්තු 25න්  අවසන් වූ සතිය තුල, ඕස්ට්‍රේලියාව  පුරා  ප්‍රධාන නගර වල නිවාස 3,967 වෙන්දේසි සදහා ඉදිරිපත් වී ඇති බව සදහන්. මීට  පෙර 2014 වසරේ නොවැම්බර් 30 වැනිදායින් අවසන් වූ සතිය තුල වාර්තා ගත නිවාස සංඛ්‍යාවක් වෙන්දේසිවූ  අතර, එම සංඛ්‍යාව 3,908ක්. අලුත්ම වාර්තා වලට අනුව එම අගය ඉක්මවා ගොස් ඇති අතර, පසුගිය වසරේ පාස්කු සමයේ මෙලෙස වෙන්දේසි වලට ඉදිරිපත් වූ   නිවාස සංඛ්‍යාව  3,517 ක්.

මෙල්බර්න් නුවර මාර්තු 25න්  අවසන් වූ සතිය තුල නිවාස 2078 ක් වෙන්දේසි වලට ඉදිරිපත් වූ අතර, ඉන් සියයට 67ක් විකිණී ඇති අතර සිඩ්නි නුවර වෙන්දේසි වලට ඉදිරිපත් වූ නිවාස සංඛ්‍යාව 1359ක් වන අතර ඉන් සියයට 66.3 විකිණී ඇති බව සදහන්. තවද මෙල්බර්න් නුවර පසුගිය වසරේ මෙම වකවානුව තුල වෙන්දේසි සදහා ඉදිරිපත් වූ නිවාස සංඛ්‍යාවට වඩා  මේ වසරේ සියයට 25ක  වර්ධනයක් දක්නට ලැබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක්.

තවද සිඩ්නි නුවර සමස්ත නිවාස මිල ගණන් සසදා බැලීමේදී පසුගිය මාස  12 තුල, සියයට 1.8කින් පහත වැටී  ඇති බවද මෙම වාර්තාව පෙන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now