SKIP TO MAIN CONTENT

මෙල්බර්න් කොරෝනා නීති කඩ කරමින් යාළුවන් ගේ ගෙවල් වල ගිහින් කොණ්ඩය කපන පුද්ගලයින්ට පොලීසියෙන් දඩ

Home haircut plans lead to fine
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවු පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කිරීම් සඳහා දඩ 80 ක් වික්ටෝරියානු පොලීසිය විසින් නිකුත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු තම නිවසේ සිට කිලෝ මීටර් 5 කට එපිටින් පිහිටි මිතුරෙකුගේ නිවසකට කොණ්ඩය කැපීම සඳහා ගොස් ඇති විට පොලීසියට හසුවී තිබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ දැනට පනවා ඇති කොරෝනා නීති වලට අනුව බාබර් සාප්පු සහ කොණ්ඩය සැකසීමේ මධ්‍යස්ථාන වසා දමා තිබේ.

ඒ හේතුවෙන් තම නිවසේ සිට කිලෝ මීටර් 5 ඇතුළත හෝ ඉන් ඔබ්බෙන් පිහිටි වෙනත් නිවසකට ගොස් කොණ්ඩය කැපීම වත්මන් කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් බව ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now