2023 අවසානයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිල 5% ක් දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි (SBS සිංහල/ වාර්තා)

REA සමූහයේ වාර්තාවකට අනුව නිවාස මිලෙහි ප්‍රබලම වර්ධනය පර්ත් නුවරින් අපේක්ෂා කරන අතර 4% සහ 7% අතර වර්ධනයක් එහිදී අපේක්ෂා කරයි.

Australian Housing Prices Begin To Fall

Property prices are expected to increase by up to five per cent in 2023, after interest rate rises are predicted to be nearing their peak. Credit: Lisa Maree Williams / Getty Images

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් නිවාස හා දේපල මිල මේ වසර ආරම්භයේ සිට දැනටමත් 2% කට වඩා ඉහළ ගොස් ඇත.

2023 වසර අවසාන වන විටදී 5% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස මිල ඉහළ යාමේ අපේක්ෂාව

REA සමූහයේ වාර්තාවකට අනුව නිවාස මිලෙහි ප්‍රබලම වර්ධනය පර්ත් නුවරින් අපේක්ෂා කරන අතර 4% සහ 7% අතර වර්ධනයක් එහිදී අපේක්ෂා කරයි.

සිඩ්නි සහ ඇඩිලේඩ් නිවාස මිල ගණන් 3% ත් 6% ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර බ්‍රිස්බේන් 1% ත් 4% ත් අතර වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙල්බර්න් නුවර නිවාස මිල ගණන් වසර අවසානය වන විට කුඩා අඩුවීමක් වාර්තා කළ හැකි වුවද, 2% දක්වා අඩු වේගයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මෙම පුරෝකථනයන් පදනම් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත ඉහළ යාමේ ක්‍රියාවලිය එහි උච්චතම අවස්ථාවට ළඟා වන පුරෝකථනයක් මතය.

ඉදිරි මාස කිහිපය තුළ නිවාසවල මධ්‍යස්ථ මිල ඉහළ යාමක්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මන්දගාමී වන ලකුණු මධ්‍යයේ අගෝස්තු 01 වනදා , ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ තීරක මණ්ඩලය මුදල් අනුපාතිකය නොකඩවා දෙවන මාසය සඳහා ද 4.1% හි තැබීමට තීරණය කළේය.

මේ අතර මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe එය තවමත් වැඩි බවට අනතුරු ඇඟවීය.

උද්ධමනය 7% සිට 6% දක්වා පහත වැටී ඇති නමුත් එය තවමත් මධ්‍යම බැංකුවේ 2-3% ඉලක්කගත පරාසයට වඩා ඉහළින් පවතින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජූනි කාර්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි.

විකිණීමට ඇති නිවාසවල සීමිත සැපයුම ගැනුම්කරුවන්ගේ තරඟයට සහ මිල වර්ධනයට දායක වන ප්‍රධාන සාධකයක් ලෙස පවතින බව REA සමූහ වාර්තාවේ කතුවරයා වන කැමරන් කුෂර් පැවසුවේය.

"ඉහළ පොලී අනුපාත සහ අඩු ණය ගැනීමේ හැකියාව තිබියදීත් මිල වැඩි වීමක් අපි දුටුවා, ඉදිරි මාස කිහිපය තුළ මධ්‍යස්ථ මිල ඉහළ යාමක් අපේක්ෂා කරනවා," ලෙසද ඔහු පැවසීය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now