වසර 6කට පසුව ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහලට (SBS සිංහල/වාර්තා)

ඕස්ට්‍රේලියානු බැංකු ණය ලබාදීමේදී දැඩි ක්‍රියාපිලිවෙතක් අනුගමනය කිරීම, ඉතා විශාල කුඩා නිවාස සංඛ්‍යාවක් නිවාස වෙළද පොලට අලුතෙන් එක් වීම ආදී කාරණා ප්‍රධාන වශයෙන් මෙම මිල පහල යාමට හේතු වී ඇති බව Domain ආයතනයේ නිවාස සහ දේපල පිළිබද විශ්ලේෂක Nicola Powell පවසයි.

House prices in Australia

Source: AAP

ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිළ ගණන් සැලකිය යුතු ලෙස පහල බැස ඇති බවත් වසර 6කට පසුව වාර්තා වන වැඩිම නිවාස මිල අඩුවීම මෙය බවත් සදහන්. නවතම දත්ත වලට අනුව වැඩිම නිවාස මිල අඩුවීම වාර්තා වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගර වලින් බව වාර්තා වෙයි.

පසුගිය ජුනි මාසයෙන් නිමාවට පත් වූ කාර්තුව සහ වසරක කාලය තුලදී ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් සියයට 1කින් පහත වැටී ඇති බව නිවාස සහ දේපල වෙළද කටයුතු වල නිරත Domain ආයතනය නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබේ. සමස්ත වාර්ෂික දත්ත සලකා බැලීමේදී මේ ආකාරයෙන් පහත වැටීමක් වාර්තා වන්නේ 2102 වසරෙන් පසුව බව වැඩි දුරටත් වාර්තාවෙයි.

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල වාර්තාගත ප්‍රතිශතයකින් පහතට

A house is for sale in Sydney.
A house is for sale in Sydney. Source: AAP Image/Melanie Foster

මෙම සමස්ත පහල බැසීමට ප්‍රධාන හේතුව වශයෙන් සදහන් වන්නේ සිඩ්නි නුවර සහන මෙල්බර්න් නුවර ආශ්‍රිත නිවාස මිල වල පහත වැටීම බව සදහන්. වටිනාකම අනුව සලකා බැලීමේදී සිඩ්නි සහ නිවාස වෙළද පොළ සමස්ත ඕස්ට්‍රේලියානු නිවාස වෙළදපොලෙන් තුනෙන් දෙකක අගයක් බව වාර්තා වෙයි.

සිඩ්නි නිවාස මිළ පසුගිය මාස 12 තුල 4.5%කින්  පහත වැටී අතර 2008 වසරෙන් පසුව සිඩ්නි නුවර අශ්‍රිතව වාර්තා වන වැඩිම මිල පහල වැටීම මෙය බව සදහන්. සිඩ්නි නුවර කුඩා නිවාස (Units) මිල ගණන් එම කාලය තුල 3.5%කින් අඩුවී ඇති බව වැඩි දුරටත් මෙම වාර්තාව සදහන් කරයි. තවද මීට අමතරව නිවාස වෙළද පොළ පිලිබදව පසුගියදා නිකුත් වූ CoreLogic වාර්තාවට අනුව සදහන් වන්නේ සමස්ත සිඩ්නි නිවාස මිල 5%කින් අඩු වී ඇති බවයි.

බැංකු ණය ලබාදීමේදී දැඩි ක්‍රියාපිලිවෙතක් අනුගමණය කිරීම ප්‍රධාන හේතුවක්

Housing Market in Australia
Source: Getty Images

ඕස්ට්‍රේලියානු බැංකු ණය ලබාදීමේදී දැඩි ක්‍රියාපිලිවෙතක් අනුගමනය කිරීම, ඉතා විශාල කුඩා නිවාස සංඛ්‍යාවක් නිවාස වෙළද පොලට අලුතෙන් එක් වීම ආදී කාරණා ප්‍රධාන වශයෙන් මෙම මිල පහල යාමට හේතු වී ඇති බව Domain ආයතනයේ නිවාස සහ දේපල පිළිබද විශ්ලේෂක  Nicola Powell පවසයි. ඕස්ට්‍රේලියානු බැංකු සහ මුල්‍ය ආයතන පිළිබද සොයා බැලීමට පත් කල රාජකීය කොමිසමත් සමගින් ණය ලබාදීමේ ක්‍රමවේදය බැංකු මගින් තරමක් දැඩි කර ඇති අතර, මේ තත්වය ඉතා අධික මිලකින් යුත් මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළදපොලට බලපා ඇති බව සදහන්.  

හෝබාර්ට් නිවාස මිල සැලකිය යුතු ලෙස ඉහලට

ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත වල නිවාස මිල පහල බසින ප්‍රවනතාවයක් පෙන්නුම් කරන විට ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නිවාස මිල ගෙවී ගිය මාස 12 තුල සියයට 15.9කින් ඉහල ගොස් ඇති බව දත්ත සදහන් කරයි.

2108 වසරේ ජුනි වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිළ වෙනස් වූ ප්‍රතිශතයන්

National - down 1 per cent

Adelaide - up 3.1 per cent

Brisbane - up 2 per cent

Canberra - up 6.2 per cent

Darwin - down 11.8 per cent

Hobart - up 15.9 per cent

Melbourne - up 0.5 per cent

Perth - down 1 per cent

Sydney - down 4.5 per cent

2108 වසරේ ජුනි වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කුඩා නිවාස (units) මිළ වෙනස් වූ ප්‍රතිශතයන්

National - down 1 per cent

Adelaide - up 0.9 per cent

Brisbane - down 6.4 per cent

Canberra - down 2.1 per cent

Darwin - down 17.2 per cent

Hobart - up 22.6 per cent

Melbourne - up 0.9 per cent

Perth - up 1.7 per cent

Sydney - down 3.5 per cent

දත්ත මුලාශ්‍රය : Domain


3 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now