ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිළ ගණන් සැලකිය යුතු ලෙස පහල බැස ඇති බවත් වසර 6කට පසුව වාර්තා වන වැඩිම නිවාස මිල අඩුවීම මෙය බවත් සදහන්. නවතම දත්ත වලට අනුව වැඩිම නිවාස මිල අඩුවීම වාර්තා වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගර වලින් බව වාර්තා වෙයි.
පසුගිය ජුනි මාසයෙන් නිමාවට පත් වූ කාර්තුව සහ වසරක කාලය තුලදී ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් සියයට 1කින් පහත වැටී ඇති බව නිවාස සහ දේපල වෙළද කටයුතු වල නිරත Domain ආයතනය නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබේ. සමස්ත වාර්ෂික දත්ත සලකා බැලීමේදී මේ ආකාරයෙන් පහත වැටීමක් වාර්තා වන්නේ 2102 වසරෙන් පසුව බව වැඩි දුරටත් වාර්තාවෙයි.
සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල වාර්තාගත ප්‍රතිශතයකින් පහතට

A house is for sale in Sydney. Source: AAP Image/Melanie Foster
සිඩ්නි නිවාස මිළ පසුගිය මාස 12 තුල 4.5%කින් පහත වැටී අතර 2008 වසරෙන් පසුව සිඩ්නි නුවර අශ්‍රිතව වාර්තා වන වැඩිම මිල පහල වැටීම මෙය බව සදහන්. සිඩ්නි නුවර කුඩා නිවාස (Units) මිල ගණන් එම කාලය තුල 3.5%කින් අඩුවී ඇති බව වැඩි දුරටත් මෙම වාර්තාව සදහන් කරයි. තවද මීට අමතරව නිවාස වෙළද පොළ පිලිබදව පසුගියදා නිකුත් වූ CoreLogic වාර්තාවට අනුව සදහන් වන්නේ සමස්ත සිඩ්නි නිවාස මිල 5%කින් අඩු වී ඇති බවයි.
බැංකු ණය ලබාදීමේදී දැඩි ක්‍රියාපිලිවෙතක් අනුගමණය කිරීම ප්‍රධාන හේතුවක්
Source: Getty Images
හෝබාර්ට් නිවාස මිල සැලකිය යුතු ලෙස ඉහලට
ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත වල නිවාස මිල පහල බසින ප්‍රවනතාවයක් පෙන්නුම් කරන විට ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නිවාස මිල ගෙවී ගිය මාස 12 තුල සියයට 15.9කින් ඉහල ගොස් ඇති බව දත්ත සදහන් කරයි.
2108 වසරේ ජුනි වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිළ වෙනස් වූ ප්‍රතිශතයන්
National - down 1 per cent
Adelaide - up 3.1 per cent
Brisbane - up 2 per cent
Canberra - up 6.2 per cent
Darwin - down 11.8 per cent
Hobart - up 15.9 per cent
Melbourne - up 0.5 per cent
Perth - down 1 per cent
Sydney - down 4.5 per cent
2108 වසරේ ජුනි වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කුඩා නිවාස (units) මිළ වෙනස් වූ ප්‍රතිශතයන්
National - down 1 per cent
Adelaide - up 0.9 per cent
Brisbane - down 6.4 per cent
Canberra - down 2.1 per cent
Darwin - down 17.2 per cent
Hobart - up 22.6 per cent
Melbourne - up 0.9 per cent
Perth - up 1.7 per cent
Sydney - down 3.5 per cent
දත්ත මුලාශ්‍රය : Domain