වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි Ruth Newport හට ප්‍රථම වරට COVID-19 ආසාදනය වී මේ වන විට වසරක් ගත වී ඇත.
කෙසේ වෙතත්, සහයක් නොමැතිව හෝ වාඩි නොවී මීටර් 10 කට වඩා වැඩි දුරක් ඇවිදීමට තබා ඇයගේ සුපුරුදු එදිනෙදා කටයුතුවලට සහභාගී වීමට තවමත් නොහැකි බව ඇය පවසයි.
“මට තවමත් නිරන්තර කැස්සක්, සිරුර දුර්වල කරන තෙහෙට්ටුවක් සහ මගේ දෛනික ජීවිතයට සැලකිය යුතු ලෙස බලපාන ස්නායු, හෘද වාහිනී සහ ආමාශ ආන්ත්‍රික රෝග ලක්ෂණ පිළිබඳ දිගු රෝග ලැයිස්තුවක් තිබෙනවා” යනුවෙන් දෙදරු මවක් වන Ruth Newport, SBS වෙත පැවසුවාය.
COVID ආසාදනය වීමට පෙර තමන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ බවත්, වයස අවුරුදු හතරේ සහ හය හැවිරිදි ඇගේ දරුවන්ගේ මූලික රැකවරණ සපයන්නා වූ තම්න්වූ බවත් ඇය පැවසුවාය.
"දැන් මගේ රෝග ලක්ෂණ නරක අතට හැරිලා, මට ඒ කිසිවක් දැන් කළ නොහැකියි." ඇය සඳහන් කළාය.
Ruth Newport වසර 20 කට වැඩි කාලයක් Myalgic Encephalomyelitis (ME/CFS) සහ Fibromyalgia සමඟ ජීවත් වී ඇති නමුත්, කොවිඩ් ආසාදනය වන තෙක් මේවා ප්‍රධාන වශයෙන් සමනය වූ අතර හොඳින් කළමනාකරණය කරගෙන ජීවත්වූ බව කියයි.
තමන් ඇය long COVID සඳහා ඉහළ අවදානම් කාණ්ඩයක සිටින්නට ඇති නමුත් රට පුරා සිටින සිය ගණනක් කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව එහි දුර්වල බලපෑම්වලට ගොදුරු වන බව ඇය ප්‍රකාශ කළාය.
ඇය විසින් සම-පරිපාලනය කරන Australian Long COVID Facebook සමූහයේ සාමාජික ප්‍රමාණය වසරක් ඇතුළත සාමාජිකයින් 250 සිට 3300 දක්වා ඉහළ ගොස් ඇත.

පූර්ව COVID සිට මේ දක්වා ඇයගේ ජීවිතය විශාල ලෙස වෙනස් වී ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ Rowville හි Miquette Abercrombie පැවසුවාය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී COVID වැළඳීමට පෙර, තමන් අතිශයින්ම යෝග්‍ය ලෙස දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, බොක්සිං පුහුණුවීම් සිදුකළ බවත් දිනපතාම පාහේ ව්‍යායාම් මධ්‍යස්ථානයට යන ගිය බවත් ඇය සඳහන් කළාය.
නමුත් දැන් කෝපි සෑදීම සඳහා කුස්සියට යාමට හෝ වැසිකිළියට යාමට හෝ walking frame එකක් අවශ්‍ය බව ඇය පැවසුවාය.
තමන්ගේ ස්නායු ආබාධ අභියෝගාත්මක බව ඇය ප්‍රකාශ කළාය.
.jpg?imwidth=1280)
තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබුණද long COVID අනිවාර්‍යෙන්ම යතාර්ථයක් බව ජ්‍යෙෂ්ඨ ස්නායු විශේෂඥ වෛද්‍ය සහ සායනික විද්‍යාඥ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පැවසීය.
මහාචාර්ය විජේරත්න 2021 දී COVID-19 හි දිගුකාලීන බලපෑම විමර්ශනය කිරීමට පටන් ගත්තේ රෝගී කණ්ඩායම් සමාජ මාධ්‍යවල මතු වන බව දුටු විටය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔවුන්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් තෙහෙට්ටුව, හිසරදය, brain fog සහ කරකැවිල්ල වැනි දිගුකාලීන රෝග ලක්ෂණ ප්‍රකාශ කරන ලදී.
ඒවා ප්‍රධාන වශයෙන් මොළයේ සින්ඩ්‍රෝමය බව දුටු ඔහු දැන් ඒවා පශ්චාත්-COVID ස්නායු රෝග ලක්ෂණ (PCNS) ලෙස හඳුන්වයි.
ලොව පුරා මිලියන 665 කට අධික රෝගීන් සංඛ්‍යාවකින්, COVID-19 ඇති සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට PCNS වර්ධනය වීමේ අවදානමක් පවතින බව මහාචාර්ය විජේරත්න පැවසීය.

මහාචාර්ය විජේරත්න දැනට COVID-19 හි දිගු කාලීන බලපෑම් සහිත රෝගීන් වාර්තා කිරීම සඳහා global registry හෙවත් ගෝලීය ලේඛනාගාරයක් මත කටයුතු කරමින් සිටින අතර, එය ලෝකයට PCNS අවබෝධ කර ගැනීමට සහ අනාගත උපාය මාර්ග අවම කිරීමට බලධාරීන්ට ඉඩ සලසයි.
PCNS වැළැක්වීමේ හොඳම ක්‍රමය කොවිඩ් ආසාදනය නොවීම බව ඔහු පැවසීය.
"ඔබේ කොවිඩ් එන්නත් පිළිබඳව යාවත්කාලීන වන්න, අවශ්‍ය විටෙක මුව ආවරණයක් පළඳින්න, පුද්ගලික සනීපාරක්ෂාව සහ පුද්ගල දුරස්ථභාවය ප්‍රගුණ කරන්න" යනුවෙන් මහාචාර්ය විජේරත්න පැවසීය.
ඔබට PCNS ඇති නම්, ඔබේ රෝග ලක්ෂණ නරක අතට හැරෙන දේවල් නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
"සෞඛ්‍ය සම්පන්නව ආහාර පාන ගන්න, දුම් පානය නොකරන්න, මත්පැන් පානය නොකරන්න, ඔබට හැකි විට ව්‍යායාම කරන්න, හොඳ සමාජ ජාලයක් පවත්වා ගන්න, හොඳින් නිදාගන්න, එකිනෙකාට කරුණාවන්ත සහ දයානුකම්පිත වන්න. මේ දේවල් මොළයේ යහපත් සෞඛ්‍යයට දායක වෙනවා" යනුවෙන් ඔහු පැවසීය.

