COVID-19 වසංගතය පාසල් පාදකකරගත් එන්නත් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ ආකල්ප සහ තීරණවලට බලපා ඇති අන්දම සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCIRS) විසින් අධ්‍යනයක් සිදුකරන ලදී.
කොවිඩ් වසංගතය එන්නත් දෙගිඩියාව ශක්තිමත් කර ඇති බව පෙනී ගොස් ඇතැයි එම අධ්‍යයනය සඳහා දෙමාපියන් සමඟ කතා කළ NCIRS පර්යේෂණ සහකරු වෛද්‍ය Maryke Steffens පැවසුවාය.
"වසංගතය පැමිණීමට පෙර ඔවුන් දෙගිඩියාවෙන් සිටියා විය හැකියි. කෙසේ වෙතත්, වසංගතය අතරතුර ඔවුන්ගේ අත්දැකීම් ඊට වඩාත් ඉදිරියෙන් සිටි අතර එම දෙගිඩියාව වැඩි කළා." වෛද්‍ය Steffens SBS වෙත පැවසුවාය.
COVID-19 එන්නත් කිරීම පිළිබඳ පුද්ගලික සෘණාත්මක අත්දැකීම්, එන්නත් ගැනීමට පැකිලෙන පුද්ගලයින්ගේ සමාජ බලපෑම සහ අවිශ්වාසය නිසා දෙමාපියන්ගේ කලින් පැවති එන්නත් දෙගිඩියාව තවත් උග්‍ර වන්නට ඇති බව NCIRS නවතම වාර්තාව, "පාසල් පාදක එන්නත් වැඩසටහන් මත COVID-19 බලපෑම" නිගමනය කළේය.

ඇතැම් දෙමාපියන් පාසැලෙන්, රැකියාවෙන්, ඔවුන්ගේ වෛද්‍යවරයාගෙන් සහ සම වයසේ මිතුරන්ගෙන් COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පීඩනයක් අත්විඳින බව වාර්තා කර ඇති අතර අනෙක් අය ඔවුන් එන්නත් නොකළ බව දැනගත් විට ඍණාත්මක සමාජ ප්‍රතිකාර දැක්වූ බව අදාළ වාර්තාව දන්වා සිටී.
උදාහරණ ලෙස තමන් හෝ තම දරුවන් සමාජ හා ක්‍රීඩා ඉසව්වලින් තහනම් කිරීම, සෞඛ්‍ය සේවා ප්‍රතික්ෂේප කිරීම සහ එන්නත් කිරීමේ ගැටළු හේතුවෙන් මිතුරන් අහිමි වීම ඇතුළත් විය.
"මෙම පීඩනයන් සහ ඍණාත්මක සමාජීය ප්‍රතිවිපාක COVID-19 එන්නත් කිරීම කෙරෙහි ඔවුන්ගේ නිෂේධාත්මක හැඟීම් උග්‍ර කර ඇති අතර ඇතැමුන්ට සාමාන්‍ය නව යොවුන් වියේ එන්නත් කිරීම් ද තීව්‍ර කර ඇත," යනුවෙන් වාර්තාව තවදුරටත් පැවසීය.
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම COVID-19 සහ පාසල් පාදක එන්නත් අතර දින 14 සිට 7 දක්වා කාල පරතරය පිළිබඳ ලබාදී තිබුණු උපදෙස් "වෙනස් කිරීම" සහ පසුව එය අහෝසි කිරීම එන්නත් පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට හේතුවූ බව ද එම වාර්තාව සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ, 7, 8 සහ 10 වසරවල සිසුන්ට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා පාසලේදී නොමිලේ එන්නත් ලබා ගත හැකිය.
එම එන්නත් වලට HPV (7 හෝ 8 වසර ), dTpa (7 හෝ 8 වසර) සහ meningococcal ACWY (10 වසර) එන්නත් ඇතුළත් වේ.
අනෙකුත් රටවල් හා සසඳන විට නව යොවුන් වියේ එන්නත් ලබා ගැනීම සඳහා සමස්ත කොවිඩ් වසංගත බලපෑම් ඕස්ට්‍රේලියාවේ සාපේක්ෂව සීමිත වුවද, 2020 සහ 2021 දී ලබා දුන් නව යොවුන් එන්නත් සංඛ්‍යාව 2019 ට වඩා අඩු බව NCIRS වාර්තාව පවසයි.
නිදසුනක් වශයෙන්, HPV එන්නතෙහි පළමු මාත්‍රාව සඳහා එන්නත් සංඛ්‍යාව සියයට 10-11 කින් අඩු විය.
එමෙන්ම dTpa සඳහා සියයට 11-14 කින් සහ ACWY එන්නත සඳහා සියයට 2-6 කින් අඩුවිය.
කෙසේ වෙතත්, NCIRS වාර්තාව කොවිඩ් වසංගතයේ ධනාත්මක බලපෑම් කිහිපයක් ද පිළිගනී.
බොහෝ දෙමව්පියන් තම වෛද්‍යවරයාගේ හෝ රජයේ නිර්දේශ මත පදනම්ව තම දරුවන්ට ඉන්ෆ්ලුවෙන්සා එන්නත් කිරීමට තීරණය කිරීම ඊට එක් නිදසුනකි.
ඔවුන් තම පාසලේ ප්‍රවෘත්ති පත්‍රිකාව, parent portal හෝ විද්‍යුත් තැපෑල හරහා මගහැරී ගිය එන්නත් සැසි පිළිබඳ දැනගත්තේය.
"බොහෝ දෙමව්පියන් නව යොවුන් වියේ එන්නත් කාලසටහන පිළිබඳ ඔවුන්ගේ දනුවත්භාවයේ අඩුපාඩු, විශේෂයෙන් ළමා කාලසටහනට සාපේක්ෂව පිළිගෙන ඇති අතර, මෙය අතේ ගෙන යා හැකි ළමා සෞඛ්‍ය වාර්තාවට සමාන වාර්තාවක් නොමැතිකම නිසා විය හැකි බව ද පෙන්වා දී ඇත," යනුවෙන් NCIRS වාර්තාව සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක පාසල් පාදක එන්නත් වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා මෙම වසංගතයෙන් උගත් සහ වාර්තාවේ ලේඛනගත කර ඇති පාඩම් මත ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව මෙම වාර්තාවට නායකත්වය දුන් ඇගයීම් සහ නිරීක්ෂණ පිළිබඳ NCIRS සහකාර අධ්‍යක්ෂ Frank Beard පැවසුවේය.

"ඔස්ට්‍රේලියාවේ පාසල් පාදක එන්නත් වැඩසටහන් ඔවුන්ගේ පවතින එන්නත් ක්‍රමෝපායන් මත සකස් කර ඇති අතර බලපෑම් අවම කිරීම සඳහා විකල්ප ස්ථාන, සති අන්ත එන්නත් සායන සහ සාප්පු මධ්‍යස්ථාන වැනි ස්ථානවල තාවකාලික සායන වැනි නව්‍ය ප්‍රවේශයන් භාවිතා කරන ලදී. "මහාචාර්ය Beard පැවසීය.
විවිධ භාෂා කතා කරන බහු සංස්කෘතික ප්‍රජාවන් වැනි ප්‍රමුඛ ජනගහන සඳහා ඉලක්කගත සම්පත් සංවර්ධනය කිරීමට රජය නිර්දේශ කර ඇති අතර, එය හසු කරගැනීම සඳහා එන්නත් කිරීම පහසු කරයි.
NSW Health සතුව පාසල් පාදක කරගත් එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ විවිධ භාෂාවලින් තොරතුරු මෙහි ඇත.

