SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ Superannuation පිළිබද ඔබ දැන ගත යුතු කරුණු

ඔබ ඕස්ට්‍රේලියාවේ නිදහස් ලෙස විශ්‍රාම කාලය ගත කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබ superannuation පිලිබදව දැනුවත් විය යුතුයි

super
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

superannuation යනුවෙන් හඳුන්වා දෙන්නේ ඔබ රැකියා කරන කාලයේදී ඉතුරු කරන මුදලයි . ඕස්ට්‍රේලියානුවන්ට රජයෙන් විශ්‍රාම දීමනාවක් ගෙවුවත් එය ඉතා සුළු මුදලක් නිසා superannuation ඉතාම අවශ්‍ය දෙයක් වේ . විශ්‍රාම ගැනීමේදී ඕස්ට්‍රේලියානුවන්ට super ගිණුමේ විශාල ඉතුරුවක් රැස් කර එයින් සතියකට හෝ දෙසතියකට වරක් මුදල් ලබා ගත හැකියි. එසේ වුවද රජයෙන් සම්පුර්ණ හෝ කොටසක් ලෙස රජයේ දීමනාවද ලබා ගත හැකියි

Saving your earnings
Source: Getty Images

ඔබේ රැකියා ස්ථානය විසින් දායකත්වය සැපයිය යුතුයි

දැනට රැකියා ස්ථානය විසින් ඔබේ වැටුපෙන් 9.5%ක් superannuation දීමනාවක් දිය යුතු අතර වසර 2025 සිට එය 12%ක් වේවි . ඔබ සතියකට ඩොලර් 450 කට වඩා අඩු වැටුපක් ලබයි නම් එවන් super ගෙවීමට අවශ්‍ය නොවේ

ඔබටත් එසේ දායකත්වයක් ලබා දිය හැකියි

ඔබටත් සුලුවෙන් දායකත්වයක් ලබා දිය හැකියි . මුදල් බැංකු වල තැන්පත් කල හැකි වුවත් බදු සහන ලබා ගැනීමට එය super ගිණුම් වල තැන්පත්කළ හැකියි

ඔබට ගැලපෙන super ගිණුමක් තෝරා ගන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියාවේ super ගිණුම් පවත්වා ගෙන යන්නේ පෞද්ගලික ආයතන මගින් . එවන් ආයතන 200ක් පමණ තිබේ .

ඒ සදහා ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීම අවශ්‍ය නැත . ඔබ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කොට සතියකට ඩොලර් 450ට වැඩි වැටුපක් ලැබිය යුතුයි

ඔබට කැමති ගිණුමක් තෝරා ගත යුතු අතර ඔබට එම ගිණුමේ මුදල් කුමන ආයෝජන වෙත යොමු කර ඇත්දැයි සොයා බැලිය හැකියි

 

Investment return
Investment return Source: Getty Images

ඔබට super ගිණුම් එක ගිනුමක පවත්වා ගෙන යාමට හැකියාවක් ඇත්නම් එය ඉතා වැදගත් . ඒ සදහා ඔබට ඔබේ ගිණුම් ආයතනයේ වෙබ් අඩවිය තුලින් තොරතුරු ලබා ගත හැකියි

ඔබට ATO හි mygov ගිණුම තුලින්ද තොරතුරු ලබා ගත හැකියි

ඔබ 1964 ජුනි 30න් පසුව උපත ලැබුවෙක් නම් ඔබට වයස 60 හා 64දී super මුදල් ලබා ගත හැකියි. ඕනෑම අයෙකුට වයස 65 දී එය ලබා ගැනීමට හැකියි

පහත වෙබ් අඩවි වලින් වැඩි තොරතුරු දැන ගන්න

 ATO

 Australian Securities and Investment Commission


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now