SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයන් තම අතැති මුදල් වලට සරිලන ලෙස වියදම් පාලනය කරන්නේ කෙසේද?

cost
Source: Pixabay/stevepb

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

පසුගිය වකවානුව තුල ඔස්ට්‍රේලියාව රැකියා අවස්ථා බහුල එසේම ජීවන වියදම් ඉතා වැඩි රටක් ලෙසට ප්‍රචලිත වුනා . ඕස්ට්‍රේලියානු ඩොලරයේ වැඩි වීමත් ඉහල යාමත් මෙයට හේතු වෙනවා, 2015 Worldwide cost of living survey නම් වූ සමීක්ෂණයට අනුව සිඩ්නි නුවර ඕස්ට්‍රේලියාවේ වියදම් අධික නගරය ලෙසත් ලෝකයේ 20 වැනි අගයට පත් වී ඇති අතර මෙල්බන් නුවර ලෝකයේ 21 වැනි ස්ථානයද ලබා තිබෙනවා.

තත්වය මෙසේ වේද්දී සංක්‍රමණිකයන් සිය අතැති මුදල් වලට සරිලන ලෙස වියදම් පාලනය කරන්නේ කෙසේද?

මුලින්ම ඔවුන් තම ආදායම අනුව  තම අය වැය සකසා ගත යුතු වෙනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා යම් උපදෙස් කීපයක්

A pile of bills in Brisbane, Wednesday, Oct. 30, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING
A pile of bills in Brisbane, Wednesday, Oct. 30, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

ජීවන වියදම් සහ මාසික වියදම් අය වැය

මෙහිදී මතක තබා ගත යුත්තේ ඔබ ජීවත් වන නගරය, ජීවත් වන නිවසේ ඇති පහසුකම් , ඔබ තමන්ගේ වාහනයක් පාවිච්චි කරනවාද නැද්ද , ඔබේ විසා කාණ්ඩය අනුවද එම වියදම් වෙනස් වෙනවා.

නිවාස කුලිය

ලෝකයේ නිවාස කුලිය වැඩිම රටවල් 40ට අයත් වන ඕස්ට්‍රේලියානු නගර වලදී සංක්‍රමණිකයන් තම ආදායමයෙන් 30%ක් පමණ කුලිය සඳහා වියදම් වන බව වටහා ගත යුතුයි .Australian Bureau of Statistics යන වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකියි

අනෙක් බිල්පත්

ඔබේ නිවාස හිමියා රජයේ ගාස්තු ගෙවීමට බැදී සිටියද ගෑස් , විදුලිය හා බිල්පත් ඔබට ගෙවිමට සිදු වෙනවා.

ප්‍රවාහනය

ඔබ කාරයක් පාවිච්චි කරනවා නම් ඒ සඳහා වන ඉන්දන හා අනිවාර්ය රක්ෂණ වියදම්ද පොදු ප්‍රවාහන පාවිච්චි කරනවා නම් ජීවත් වන ප්‍රදේශය අනුව එය වෙනස් වෙනවා. එම වියදම් ගැන  දැන ගන්න පහත Link එක තුලින් පුළුවන් 

  මෙල්බන් - ptv.vic.gov.au

 සිඩ්නි -www.transportnsw.info

සෞඛ්‍ය හා රක්ෂණය

ඕස්ට්‍රේලියානුවන් සිය වැටුපෙන් 1.5%ක් පමණ Medicare සඳහා යට කරන අතර රැකියා වීසා වල සිටින අය පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගත යුතුයි

පාසල්

පාසල් ගාස්තු වීසා කාණ්ඩය අනුව වෙනස් වේ, රජයේ හා පෞද්ගලික පාසල්ද ඇත.

බදු

ඔබේ වීසා සහ ආදායම අනුව වෙනස් වේ . ATO website එක තුලින් වැඩි තොරතුරු ලබා ගත හැකියි

මුලුතන්ගේයහි වියදම් -ඔබේ ජීවන රටාව මත තීරණය වේ. Numbeo වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකියි

විනොදය

මත්පැන් හා අවන්හල් වලින් ආහාර ගැනීම වියදම් අදික වේ.

ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ කීපයක මිල

  • කොපි කෝප්පයක්  - 4.08A$
  • වතුර බෝතල්  (0.33 liter bottle) - 2.61A$
  • කිරි  (1 liter) - 1.50A$
  • බියර් (Domestic 0.5 liter) - 7.00A$
  • ඇපල් (1 Kg) - 4.09A$
  • සලාද කොළ  (1 head) - 2.44A$

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now