තරගයේ අවසන් ප්‍රථිපලය දෙස බැලූ කල මෙය එංගලන්තයට එතරම් අපහසු ජයක් ලෙස නොපෙනුනද, තරගයේ,පන්දුවාර 15 ක් නිමා වන විට එංගලන්ත කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 85ක්ව තිබියදී කඩුලු 7ක් දව ගන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් වී තිබිණි. නමුත් එංගලන්ත කණ්ඩායමේ මොයින් අලී සහ ඩේවිඩ් විලී ගොඩනැගූ ලකුණු 57ක සබදතාවය හේතුවෙන් ලකුණු 142 ක් ඉනිමක් ගොඩ නගන්නට එංගලන්තයට හැකි විය. මෙහිදී මොයින් අලී නොදැවී ලකුණු 41ක් වාර්තා කල අතර ඩේවිඩ් විලී නොදැවී ලකුණු 20ක් වාර්තා කරන්නට සම්ට් විය. තරගයේ වීරයා සම්මානය මොයින් අලී හට හිමි විය.
මෙහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබී සහ රෂිඩ් ඛාන් ලකුණු 17කට කඩුලු 2ක බැගින් දවාගන්නට සමත් විය.
මෙම තරගයේ පිළිතුරු ඉනිම ආරම්භ කල ඇෆ්ගනිස්ථානයට වාර්තා කල හැකි වුයේ ලකුණු 127ක් පමණි. ඒ අනුව තරගයෙන් ලකුණු 15ක් ජයක් එංගලන්තයට හිමි වුවත් නවක කණ්ඩායමක් ලෙස ඇෆ්ගනිස්තයේ සටන්කාමී ක්‍රීඩා විලාශය විචාරකයින්ගේ ප්‍රසංශාවට ලක් විය.

