කොරෝනා වෛරස තත්වය ක්‍රමයෙන් සමනය වීමත් සමග දෙවන වාරය සඳහා පාසල් කටයුතු ඇරඹීමට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සුදානම් වෙයි (SBS සිංහල / වාර්තා)

Queensland students will start returning to school from May 11 as COVID-19 cases continue to fall.

Queensland students will start returning to school from May 11 as COVID-19 cases continue to fall. Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

කොරෝනා වෛරසය පැතිරීම ක්‍රමයෙන් අඩු වීමත් සමග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය දුරස්ථ අධ්‍යාපන ක්‍රමය අවසන් කිරීම සඳහා කාලරාමුවක් එළිදක්වා තිබේ. මේ අනුව මැයි මස 11 වනදා සිට කනිෂ්ඨම සහ ජ්‍යෙෂ්ඨම සිසුන් සඳහා පාසල් ආරම්භ වන අතර එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්නේදැයි මැයි මස 25 වන දින තීරණයකට එළඹෙන බව බලධාරීන් පවසා තිබේ.

Primary school classroom
Source: Getty Images/Klaus Vedfelt

මෙම වැඩපිළිවෙල සමබර සැලැස්මක් මත ක්‍රියාත්මක වන අතර මෙමගින් ලැබෙන ප්‍රතිපල අනුව ප්‍රාන්තයේ ඉදිරි ආර්ථිකය පිළිබඳව ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk අවධාරණය කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

මැයි මස 11 වැනිදා සිට, ළමුන් සඳහා නැවත පාසල් තුළ ඉගැන්වීම කටයුතු  ආරම්භ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කටයුතු කරමින් සිටී. 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian පෙන්වා දෙන්නේ පළමු සති දෙක සාර්ථක ප්‍රතිඵල අත්කර දුනහොත්, ඉතා ඉක්මනින් සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වුවද, පාසල් තුල පන්ති ඇරඹීමේ සහ අවසාන වීමේ වේලාවන් එකිනෙකට වෙනස් වන අතර දෙමාපියන් පාසල් බිමට පැමිණීමද අවම කිරීමට පියවර ගැනීම වැනි දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමටද නියමිතයි.

Mwalimu wa sekondari na wanafunzi darasani
Mwalimu wa sekondari na wanafunzi darasani Source: Getty Images

දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය/බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සහ නොදර්න් ටෙරිටරිය සිය දෙවන වාරයේ සිසුන් සඳහා සාමාන්‍ය ලෙස පාසල් කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වුවද මෙම ප්‍රාන්ත වල සිසුන් පාසලට පැමිණීමේ අඩුවක් පවතින බව වාර්තා වේ. 

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය

11 වැනි සහ 12වැනි වසරේ සිසුන් හට අධ්‍යාපන කටයුතු සඳහා පාසලට පැමිණෙන ලෙස බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය සිසුන්ගෙන් දැඩි ලෙස ඉල්ලා ඇති අතර දෙමාපියන් පාසල බිමට ඇතුල්වීම වලක්වා තිබේ.

ටස්මේනියානු ප්‍රාන්තය

ටස්මේනියානු ප්‍රාන්තය දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමන්ට වෙනත් විකල්පයක් නොමැතිනම් සිය දරුවන් නිවසේ රඳවා තබාගන්නා ලෙසයි.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියද මේ හා සමාන පියවරක් ගෙන ඇති අතර, කේන්ද්‍රස්ථාන 9ක් හැරුනුකොට අනෙකුත් සියලුම රජයේ පාසල් වසා දමා තිබේ. මේ අනුව එම කේන්ද්‍රස්ථාන 9 සඳහා ලියාපදිංචි වූ දෙමාපියන් හට සිය දරුවන් පාසලට යැවීමට හැකියාව පවතී. මෙම වැඩපිළිවෙලෙහි පවතින සාර්ථකත්වය අනුව සිසුන් සඳහා දෙවන වාරයේ පාසල් ඇරඹීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය පවසයි.

SBS Radio
Source: SBS Radio


Share

2 min read

Published

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now