SKIP TO MAIN CONTENT

ඇෆ්ගනිස්ථානය ලකුණු 6කින් ප්‍රබල කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරයි

තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායම එම කාණ්ඩයේ අවසන් ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථාන කණඩායම හමුවේ පරාජයට පත් වීම මෙවර 20-20 ලෝක කුසලානයේ සුවිශේෂී සිදුවීමක්.

 Afghanistan's players led by Mohammad Shahzad(C)celebrate after winning the World T20 cricket tournament match against West Indies
Afghanistan's players led by Mohammad Shahzad(C)celebrate after winning the World T20 cricket tournament match against West Indies Source: Getty Images

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, Super  10 වටය යටතේ පවතී තරගයකදී ඊයේ (27දා ) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 6කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කිරීම ක්‍රිකට් ලෝලීන් පුදුමයට පත් කරවන කාරණයක් බවට පත් විය.  තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායම එම කාණ්ඩයේ අවසන් ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථාන කණඩායම හමුවේ පරාජයට පත් වීම මෙවර 20-20 ලෝක කුසලානයේ සුවිශේෂී සිදුවීමක්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය කඩුලු  7ක් දැවී  ලකුණු 123ක් වාර්තා කල අතර, පිළිතුරු ඉනිම ආරම්භ කල කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු  8 ක් දවාගෙන ලකුණු 117කට සීමා  කරන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නොදැවී ලකුණු 48ක් වාර්තා කල Najibullah Zadran තරගයේ වීරයා බවට පත් විය.

තරගයෙන් අනතුරුව ජයග්‍රහණය සැමරූ  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග එක වූ කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්  ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් සමග විනෝද වුයේ මේ අයුරින්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now