ඔස්ට්‍රේලියාව තුල tax file අංකය යනු ඔබටම ආවේනික වූ, ඔබේ ආදායම හා superannuation වැනි ගිණුම් සියල්ල ඒකාබද්ධ කරන අංකයක් . එය ඕස්ට්‍රේලියානු බදු කොමසාරිස් විසින් ලබා දේ. ඔබට එය ලැබුණු පසු එය පෞද්ගලිකව තබා ගැනීම වැදගත්. එසේම ඔබේ රැකියා ජීවිත කාලය පුරාවටම ඔබට ලැබෙන්නේ එකම අංකයක්

අයදුම් කරන්නේ කෙසේද?
එය අන්තජාලය ඔස්සේ පහසුවෙන් අයදුම් කල හැකියි . ඔබට ඇත්තේ විදෙස් ගමන් බලපත්‍රයක් වුවත්, ඔබ තාවකාලික වීසා එකක සිටියත් ඔබට අයදුම් කල හැකියි
https://www.ato.gov.au/individuals/tax-file-number/apply-for-a-tfn/foreign-passport-holders,-permanent-migrants-and-temporary-visitors---tfn-application/
ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් Australia Post තැපැල් කාර්යාලයකින්ද ඔබට අයදුම්කළ හැකියි
If you’re an Australian resident or citizen
ඒ සදහා ඔබට ගාස්තුවක් නොමැති අතර දින 28ක් තුල තැපෑලෙන් ඔබට එම අංකය ලැබේ

tax file අංකයක් නොමැති විට ?
tax file අංකයක් නොමැති විට ඔබට ලබන වැටුපෙන් ඉහල ප්‍රතිශතයක් බදු (47%ක් ) ගෙවීමට සිදුවේ
tax file අංකය සමග ඔබේ නම ලියන ආකාරයත් නොවෙනස්ව තබා ගැනීම වැදගත්. ඔබේ රැකියා සියල්ලටම එකම අකුරු හා වාසගම පිහිටි ස්ථානය එක ලෙසම ලබා දෙන්න
පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර ලබා ගන්න
Australian Taxation Office’s website.
access the website in different languages.

