ඔස්ට්‍රේලියාව තුල Carer වෘත්තීය ඕනෑම පසුබිමක කෙනෙකුට කල හැකි සේවයක් වේ . නමුත් එය කායික හා මානසික වශයෙන් අභියෝගයක් විය හැකියි
උපස්ථායකයෙකු වන්නේ කෙසේද ?
දෙමාපියන්, මිත්තනියන්, ආදී පවුලේ සාමාජිකයන් ට carer කෙනෙක් වීමට හැකි වුවද ඒ සදහා පුහුණුවක් ලබා ගැනීම වැදගත්
Ethnic Community Services Co-operative of NSW.
ආබාධ සහිත පුදගලයන් සදහා උපස්ථායක සේවය සපයන්නේ නම් TAFE ආයතනයේ 3 or 4 in disability services පාටමාලාව හදාරා ඊට ඉහල සුදුසුකම් දක්වා ද යා හැකියි
Australian Foundation for Disability.

මෙම උපස්ථායකයින් මගින් ආබාධ සහිත නව සංක්‍රමණිකයන්ට එදිනෙදා ප්‍රවාහනය, ආහාර පිළියෙළ කිරීම, සනීපාරක්ෂාව හා සන්නිවේදනය සදහා උපකාර කිරීම සිදු කෙරෙනවා.
අභියෝග
අභියෝගාත්මක රැකියාවක් නිසා , විශාදය හා ආතතිය නොමැතිව කටයුතු කිරීමට Ethnic Community Services Co-operative යන ආයතනය මගින් විවධ කටයුතු සිදු කෙරේ
උපස්ථායකයින් තම සෞඛ්‍ය තත්වය පිලිබදවත් සැලකිලිමත් වීම වැදගත්

උපස්ථායකයින් තම සෞඛ්‍ය තත්වය පිලිබදවත් සැලකිලිමත් වීම වැදගත් , බොහෝ උපස්ථායකයන් විවාහ වූ විට ඔවුන්ගේ සහකරුවන් සමග කාලය ගත කිරීමට අවතාව නොලැබෙන නිසා ගැටළු ඇති විය හැකියි.
මේ අතර සරණාගත පසුබිමකින් පැමිණෙන පුද්ගලයන්ද විශේශ අභියෝග වලට මුහුණ දේ
එවන් අවස්ථා වලදී ඔබේ භාෂාව කතා කල හැකි නිලධාරීන් සමග කටයතු කල හැකි වේ

උපස්තායකයන්ගේ සේවාව ඉතා තෘප්තිමත් වේ. උපස්ථායකයින් කණ්ඩායම් ලෙස එක්ව කාලය ගත කිරීමද ඉතා වැදගත් විය හැකියි
පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න

