
මෙවර ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ව්‍යසනය සමග 260,000ක් පමණ ගිනි නිවන භටයන් සේවයේ යෙදී තිබෙනවා. The National Council for Fire & Emergency Service මගින් තවත් ස්වෙච්චා ගිනි නිවන භටයන් එකතු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටී.
ඔබට ස්වේච්චා ගිනි නිවන භටයෙකු වීමට අවශ්‍ය නම් ඔබගේ ප්‍රදේශය අසල fire brigade එක ආසන්නව ඔබ සිටිය යුතු බව මේ පිලිබඳ අදහස් දක්වන ක්වීන්ස්ලන්තයේ firefighter Superintendent තනතුරු දරන Wayne Waltisbuh පවසා සිටී.
ඉන්පසු එම fire brigade එක වෙත ගොස් ඔබගේ උනන්දුව ඔවුන් වෙත ප්‍රකාශ කල යුතු වේ.
මේ සදහා ඔබ තෝරා ගැනීමට චරිත පරීක්ෂාව ඇතුළු පරීක්ෂාවන් සිදු වේ. තෝරා ගැනීමෙන් පසුවත් මාස ගණනක් ඒ සදහා පුහුණු විය යුතු වේ.

එසේම මෙම කාර්ය පහසු නොවන බවත්, ඔබට කිසි දිනෙක මුහුණ නොදුන් තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති. Waltisbuhl මහතා පවසන්නේ මෙය එක් දිනයක් පැමිණ පුහුණුවක් ලැබීම වැනි තත්වයක් නොවන බවත්, දීර්ඝ කාලීනව කැපවීමකින් කටයුතු කල යුතු නිසා මෙයට ඉදිරිපත් වීමට පෙර හොදින් සිතා බලන ලෙසයි
අවශ්‍ය කුසලතා
National Council for Fire and Emergency Service හි ප්‍රධානී Stuart Ellis පවසන්නේ බ්‍රිගේඩයකට විවිධ කුසලතා සදහා නිලධාරීන් අවශ්‍ය බවයි. රේඩියෝ පණිවිඩ නිලධාරීන්, සම්බන්ධීකාරක නිලධාරීන් ආදී මෙහෙයුම් නිලධාරීන් ද අවශ්‍ය වේ. ඔස්ට්‍රේලියානුවන්ගෙන් 49%කම විදේශයන්හි උපත ලද හෝ දෙමාපියන් විදේශයන්හි උපත ලද අය නිසා විදෙස් භාෂාවන් කතා කල හැකි නිලධාරීන් වීමද වැදගත්.
Male Champions of Change 2018 Fire and Emergency group report නම් වාර්තාවට අනුව ගිනි නිවන භටයන් අතර කාන්තා සේවකයින් සිටින්නේ පහෙන් එකක් පමණයි. එසේම බහුසංස්කෘතික පසුබිමකින් යුත් පුද්ගලයින් මේ සදහා එක් වීමද වැදගත් බව ඔහු පවසනවා.
විශේෂයෙන්ම ප්‍රාදේශීය පලතුරු වතු වල සේවය සදහා පැමිණි ආසියානු සංක්‍රමණිකයන් සිටින ප්‍රදේශ වල එම භාෂා වලින් උපදෙස් ලබා දීමට අවශ්‍ය වන නිසා වෙනත් භාෂා කතා කල හැකි පිරිස් වැදගත් වේ.

ප්‍රජා සේවාවක් ලෙස
ප්‍රංශයේ ඉපිද මීට වසර 11ට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි Virginie Eastwood පවසන්නේ ඇගේ සැමියාද සමග ගිනි නිවන සේවාව සදහා එක්වූ බවයි. ඇය මවක් වන නිසා හදිසි සේවා වලදී ඇගේ ප්‍රජාව තුලින් එවිට දරුවන් රැක බලා ගැනීම සදහා ලැබෙන සහය ඇය අගය කොට සලකයි.
මෙම සේවාව කෙතරම් විඩාබර වුවද එමගින් ප්‍රජාවට සේවයක් කිරීම තුලින් ආත්ම තෘප්තියක් ලැබෙන බව ඇය පවසයි.

Stuart Ellis පවසන්නේ තවමත් බොහෝ ප්‍රාන්ත වල ලැව් ගිනි තත්වය අවසන් වී නැති නිසා බොහෝ දෙනෙක් ගිනි නිවන භටයන් වීමට ඉල්ලුම් කරන බවයි. නමුත් තවමත් ජනගහනය අඩු බොහෝ ප්‍රාදේශීය පෙදෙස් වල සේවකයන් මද බවත් ඔහු පවසනවා.
ඒ නිසා ලගම පිහිටි ගිනි නිවන මුලස්ථානය වෙත ගොස් ඉල්ලුම් පත් යොමු කරන ලෙසයි ඔහු පවසන්නේ.
නමුත් එම භට කණ්ඩායම් සදහා වන උපකරණ හා ආරක්‍ෂිත ඇඳුම් පිළිබද හිඟයක් වේ නම් ඒ පිළිබද ව සීමා ඇති විය හැකි බවත් ඔහු පවසයි


