ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගන්නේ කෙසේද ? මෙවර SBS සිංහල settlement Guide වෙතින්

An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. (AAP Image/Dan Peled) NO ARCHIVING

An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane. Source: AAP

වසර 1949 සිට ඕස්ට්‍රේලියාවේ මිලියන 5ක පමණ ජන කොටසක් පුරවැසිභාවය ලබා ගෙන තිබේ. මේ සදහා ඕස්ට්‍රේලියානු අයිතීන් පිළිගැනීමටත්, රටට පක්ෂපාත වීමටත් , වගකීම් භාරගැනීමටත් උත්සවයක් පැවැත්වේ.
The Chambers family, who arrived in Perth from Wales ten years ago
Source: AAP

Ruby Fowdar බ්‍රිස්බන් නුවර සංක්‍රමණික ඒජන්තවරියක්. ඇය පවසන්නේ පුරවැසියකු වීමට පෙර ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු විය යුතු බවයි. ශිෂ්‍ය වීසා ආදී තාවකාලික වීස මෙයට අයත් නොවේ. නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවේ වසර 4ක් ගත කොට ස්ථිර පදිංචිය ගෙන වසර 1ක් වාසය කල පසු පුරවැසිභාවය ලබා ගත හැකි බව ඇය පවසයි

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ පුරවැසිභාවය සදහා online ඉල්ලුම් පත්‍ර යොමු කරන ලෙස.
ඒ සදහා මාස 14ක කාලයක් ගතවේ. දෙපාර්තමේන්තුවේ පවුල් හා පුරවැසි වැඩසටහනේ Damien Kilner පවසන්නේ ඉල්ලුම්කරුවන් ඔස්ට්‍රේලියාව පිළිබද සිය දැනුම හා, සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය බවයි. පැය භාගයක පමණ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ.
An Australian citizenship recipient poses for a photo after  a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. (AAP Image/Dan Peled) NO ARCHIVING
An Australian citizenship recipient poses for a photo after a citizenship ceremony on Australia Day in Brisbane. Source: AAP

මෙම පරීක්ෂනයට බහු වරණ ප්‍රශ්න 20ක් ඇතුලත් වේ. ඒ පිළිබද සුදානම් වීමට Australian Citizenship – Our Common Bond නම් ලියවිල්ලෙන් ඔබට හැකියි. එමගින් රටේ ප්‍රජාතාන්ත්‍රික විශ්වාස, රජය හා නීති පිළිබද කරුණු ඇතුලත්.

බොහෝ දෙනා මෙම පරීක්ෂණය ලකුණු 75කින් පමණ සමත් වේ. වසර 2018-2019 කාලය තුල රටවල් 200කින් , පුද්ගලයින් 125,000 පමණ පුරවැසිභාවය ලබා ගෙන තිබේ. ඔබ පරීක්ෂණය අසමත් වුවහොත් එදිනම හෝ නැවත දිනයක ඔබට එය නැවත කිරීමට හැකියි. එවිට ඔබට නැවත ඒ සදහා ගෙවීමට අවශ්‍ය නැහැ
වයස අවුරුදු  60 වැඩි පුද්ගලයින්, 16ට අඩු  දරුවන් , ඇසීමේ, දැකීමේ, කතාවේ දුර්වලතා ඇති අයට පරීක්ෂණයට සහභාගී වීම අවශ්‍ය නැත.

පුරවැසිභාවය අනුමත වූ පසු නීතිය අනුව ඔබ පුරවසිභාවයේ දිවුරුම් සිදු කිරීමට එම උත්සවයට සහභාගී විය යුතුයි. මෙම දිවුරුමේ දෙවියන් යනුවෙන් සදහන් එක හෝ එසේ සදහන් නොවන දිවුරුම ඔබට ලබා ගත හැකියි

මෙය පුරවැසිභාවය ලබා ගැනීමේ අවසන් පියවර වන අතර රටට දක්වන පක්ෂපාතීත්වය හා සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයකු වීම මෙයින් තහවුරු කෙරේ.

Prime Minister Scott Morrison with newly sworn citizens at an Australia Day Citizenship Ceremony and Flag Raising event in Canberra, Saturday, January 26, 2019. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Scott Morrison with newly sworn citizens at an Australia Day Citizenship Ceremony and Flag Raising event in Canberra,January 26, 2019. Source: AAP


වසරකට 100,000 පමණ  පුරවැසිභාවය ලබා දෙන උත්සව වලට සහභාගී වන අතර , ප්‍රාදේශීය කවුන්සිල මගින් මෙම උත්සව පැය 1-2 කාලයක් පුරා පැවැත්වේ. අනුමත වීමෙන් පසුවත් මාස 3-6 ත් අතර කාලයක් මෙම උත්සවයට ආරාධනා ලැබීමට කල් ගතවේ.

මෙම උත්සවයට සහභාගී වීමෙදී ඔබ ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමේ ලියකියවිලි රැගෙන ගොස් , කවුන්සිල සේවකයන් මගින් ඔබේ අනන්‍යතාව තහවුරු කර ගත යුතු වේ.
a
Source: SBS



Share

Published

Updated

By Amy Chien-Yu Wang

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගන්නේ කෙසේද ? මෙවර SBS සිංහල settlement Guide වෙතින් | SBS Sinhala