වසර 1949 සිට ඕස්ට්‍රේලියාවේ මිලියන 5ක පමණ ජන කොටසක් පුරවැසිභාවය ලබා ගෙන තිබේ. මේ සදහා ඕස්ට්‍රේලියානු අයිතීන් පිළිගැනීමටත්, රටට පක්ෂපාත වීමටත් , වගකීම් භාරගැනීමටත් උත්සවයක් පැවැත්වේ.

Ruby Fowdar බ්‍රිස්බන් නුවර සංක්‍රමණික ඒජන්තවරියක්. ඇය පවසන්නේ පුරවැසියකු වීමට පෙර ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු විය යුතු බවයි. ශිෂ්‍ය වීසා ආදී තාවකාලික වීස මෙයට අයත් නොවේ. නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවේ වසර 4ක් ගත කොට ස්ථිර පදිංචිය ගෙන වසර 1ක් වාසය කල පසු පුරවැසිභාවය ලබා ගත හැකි බව ඇය පවසයි
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ පුරවැසිභාවය සදහා online ඉල්ලුම් පත්‍ර යොමු කරන ලෙස.
ඒ සදහා මාස 14ක කාලයක් ගතවේ. දෙපාර්තමේන්තුවේ පවුල් හා පුරවැසි වැඩසටහනේ Damien Kilner පවසන්නේ ඉල්ලුම්කරුවන් ඔස්ට්‍රේලියාව පිළිබද සිය දැනුම හා, සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය බවයි. පැය භාගයක පමණ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ.

මෙම පරීක්ෂනයට බහු වරණ ප්‍රශ්න 20ක් ඇතුලත් වේ. ඒ පිළිබද සුදානම් වීමට Australian Citizenship – Our Common Bond නම් ලියවිල්ලෙන් ඔබට හැකියි. එමගින් රටේ ප්‍රජාතාන්ත්‍රික විශ්වාස, රජය හා නීති පිළිබද කරුණු ඇතුලත්.
බොහෝ දෙනා මෙම පරීක්ෂණය ලකුණු 75කින් පමණ සමත් වේ. වසර 2018-2019 කාලය තුල රටවල් 200කින් , පුද්ගලයින් 125,000 පමණ පුරවැසිභාවය ලබා ගෙන තිබේ. ඔබ පරීක්ෂණය අසමත් වුවහොත් එදිනම හෝ නැවත දිනයක ඔබට එය නැවත කිරීමට හැකියි. එවිට ඔබට නැවත ඒ සදහා ගෙවීමට අවශ්‍ය නැහැ
වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්, 16ට අඩු දරුවන් , ඇසීමේ, දැකීමේ, කතාවේ දුර්වලතා ඇති අයට පරීක්ෂණයට සහභාගී වීම අවශ්‍ය නැත.
පුරවැසිභාවය අනුමත වූ පසු නීතිය අනුව ඔබ පුරවසිභාවයේ දිවුරුම් සිදු කිරීමට එම උත්සවයට සහභාගී විය යුතුයි. මෙම දිවුරුමේ දෙවියන් යනුවෙන් සදහන් එක හෝ එසේ සදහන් නොවන දිවුරුම ඔබට ලබා ගත හැකියි
මෙය පුරවැසිභාවය ලබා ගැනීමේ අවසන් පියවර වන අතර රටට දක්වන පක්ෂපාතීත්වය හා සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයකු වීම මෙයින් තහවුරු කෙරේ.

වසරකට 100,000 පමණ පුරවැසිභාවය ලබා දෙන උත්සව වලට සහභාගී වන අතර , ප්‍රාදේශීය කවුන්සිල මගින් මෙම උත්සව පැය 1-2 කාලයක් පුරා පැවැත්වේ. අනුමත වීමෙන් පසුවත් මාස 3-6 ත් අතර කාලයක් මෙම උත්සවයට ආරාධනා ලැබීමට කල් ගතවේ.
මෙම උත්සවයට සහභාගී වීමෙදී ඔබ ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමේ ලියකියවිලි රැගෙන ගොස් , කවුන්සිල සේවකයන් මගින් ඔබේ අනන්‍යතාව තහවුරු කර ගත යුතු වේ.


