ඔස්ට්‍රේලියාවේ බෝට්ටු පැදීමට සහ මාළු ඇල්ලීමට බලපත්‍ර ලබාගන්නේ කෙසේද?

How to get boating and fishing licences in Australia

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලය එළඹීමත් සමගම ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් බහුලව සිදු කිරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීහු පෙළඹෙති.

එහිදී බෝට්ටු පැදීම මෙන්ම මාළු බෑම ඔවුන් අතර ඉතා ප්‍රසිද්ධය.

නමුත් මෙම ක්‍රියාකාරකම් ද්විත්වය සඳහාම ඔස්ට්‍රේලියාවේ අනුගමනය කළ යුතු විධිමත් පියවර සහ රෙගුලාසි ඇති බව ඔබ දන්නවාද?

එම ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයින්ව ඒ හා සම්බන්ධ අනතුරු වලින් බේරාගැනීමට මෙම පියවර ගෙන තිබේ.
Boat
Source: Getty Images

බෝට්ටු බලපත්‍රයක් ගැනීම

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට බෝට්ටු බලපත්‍ර සඳහා ඇති අවශ්‍යතා හා සුදුසුකම් වෙනස් වෙයි.

ඇතැම් ප්‍රාන්ත වල එය ලබා ගැනීම සඳහා ශාස්ත්‍රීය හා ප්‍රයෝගික පරීක්ෂණ ඇති අතර ඇතැම් ප්‍රාන්ත වල එය ලබාගැනීමට ශාස්ත්‍රීය දැනුම සමග පුහුණුවක් අවශ්‍ය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෝට්ටු බලපත්‍රයක් ලබා ගැනීමට ජලයේ ප්‍රයෝගික පුහුණුවක් අවශ්‍යය.

"ඔබ මෙහිදී යාත්‍රාවේ ආරක්‍ෂිත මෙහෙයුම් කටයුතු වලට අදාළ සියලු ආරක්ෂණ මෙවලම් පිළිබඳ දැනුමක් ලබනවා. එහිදී යාත්‍රාව ආරක්‍ෂිත ලෙස හසුරුවන්නේ කෙලෙසද යන්න පිළිබඳ ඔබ පෙන්නුම් කළ යුතුයි. එම දිනයේදී සෑම අයදුම්කරුවෙකුම යාත්‍රාවක් යම් කිසි කාලයක් පැදවිය යුතුය. නාවික ශාස්ත්‍රය, නැංගුරම් යෙදීම, වෙරළට සේන්දු කිරීම, නැවත්වීම වැනි මූලික ක්‍රියා පිළිබද අප සැමටම උගන්වනවා." යනුවෙන් Australian Boating විද්‍යාලයේ Adam Smith පැවසුවේය.

බෝට්ටු බලපත්‍රයක් ලබාගැනීමට දුර්වල ඉංග්‍රීසි භාෂාවක් තිබීම බාධාවක් නොවන බව ද ඔහු පැවසුවේය.

එම බලපත්‍රය ලබාගැනීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ යුතු නමුත් එම ඉංග්‍රීසි එතරම් බරපතල නොවන බවත් අයදුමකරුවන් සමග වාචික පරීක්ෂණයක් වුවද සිදුකළ හැකි බවත් Adam  පැහැදිලි කළේය.

යම් අයදුම්කරුවෙකු හට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය නම්  ඒ සඳහා අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

පැයට කිලෝ මීටර් 18 වේගය ඉක්මවා නොවන යාත්‍රා සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන නමුත් ජලය ආශ්‍රිත ආරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිබඳ ඉහළ දැනුමක් ලබා තිබීම අතිශය වැදගත් බවද Australian Boating විද්‍යාලයේ Adam Smith පැවසුවේය.
Fishing boat
Source: Getty Images

මාළු ඇල්ලීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම

වයස අවුරුදු 18 ට වැඩි සෑම වැඩිහිටියෙකු හටම මාළු ඇල්ලීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුය.

එම බලපත්‍රය ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තු (Department of Primary Industries) වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සතියක බලපත්‍රය ඩොලර් 7.50 කි. එමෙන්ම මාසික බලපත්‍රය ඩොලර් 12 ක් වන අතර වසරක් සඳහා ඩොලර් 35ක් ද වසර තුනක් සඳහා ඩොලර් 75 ක් හෝ 80 ක් පමණ වන බව මාළු බෑම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරයෙකු වන Todd Young පැවසුවේය.

දෛනිකව ඇල්ලිය හැකි මාළු ප්‍රමාණයේ සීමාවන් ඇති අතර ඇතැම් ස්ථාන වල මාළු ඇල්ලීම තහනම් කර තිබේ.

ඇතැම් මාළු විශේෂ සඳහා විශේෂිත වූ බෑග් සහ සීමා ප්‍රමාන ඇත.

එම සීමා ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් මාළු ඇල්ලු විට ඔබට දඩ නියම වේ.

එනිසා අවශ්‍ය මට්ටම කුමක්දැයි සෑම විටම නිවැරදි අවබෝධයකින් සිටීම වැදගත්ය.
Man fishing
Source: Getty Images
ඇතැම් මත්ස්‍යයින් ආහාරයට ගැනීමට නොහැකි වන අතර ඇතැම් මත්ස්‍යයින් ආරක්ෂා කර තිබේ. ඇතැම් මත්ස්‍යයින් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇත. එනිසා මාළු ඇල්ලීමට පෙර එය කෙසේ සිදු කරන්නේද සහ කොහේ සිදු කරන්නේද යන්න පිළිබඳ දැනුමක් ලබාගැනීම ඉතා වැදගත් බව මාළු බෑම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරයෙකු වන Todd Young පැවසුවේය.

මාළු ඇල්ලීම සඳහා යොදාගනු ලබන බිලී කොකු, දැල් සහ බිලී පිති මෙන්ම නූල් දහස් ගණන් වන ජීවීන් සඳහා සෑම වසරකම මරු කැඳවයි.

අනාගත පරපුර උදෙසාද ඉතිරිකරමින් මත්ස්‍ය සම්පත රැකගැනීම වගකීමක් බව ද Young පැවසුවේය.

තමන් මාළු ඇල්ලූ ප්‍රදේශය සෑම විටම පිරිසිදුව තබා නික්ම යන ලෙස තමන්ගේ පාරිභෝගිකයින් හට තමන් සැමවිටම පවසන බව ඔහු පැවසුවේය.

බොහෝ වේලාවල තමන් ඉගැන්වීමට පෙර අනෙක් මිනිසුන් අපවිත්‍ර කර දමා තිබූ ස්ථාන තමන් විසින් පවිත්‍ර කරන බවද ඔහු පැහැදිලි කළේය.

තමන් සෑම විටම කසළ මල්ලක් රැගෙන යන බවත් තමන්ගේ අපද්‍රව්‍ය එහි බහා නැවත තමන් රැගෙන එන බවත් මාළු බෑම සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරයෙකු වන Todd Young පැවසුවේය.
How to get boating and fishing licences in Australia
Source: SBS Sinhala

Share

Published

Updated

By Wolfgang Mueller, Audrey Bourget, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service