ඔබත් ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැර වලට ගොදුරු වුවොත් ඔබ කුමක් කල යුතුද ?

s

Source: Getty

මෑතකදී නිකුත් වූ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ වාර්තාවට අනුව සේවකයන් 3 දෙනෙකුගෙන් එක අයෙකු , පසුගිය වසර 5 තුල ලිංගික හිරිහැර වලට මුහුණ දුන් බවයි වාර්තා වන්නේ. නමුත් මේවා ඉවසා සිටිය යුතු සිදුවීම් නොවේ.

රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැර යනු මොනවාද ?

මානව හිමිකම් කොමිසමට අනුව රැකියා ස්ථානයේ පුද්ගලයෙකු කැමැත්තෙන් තොරව ලිංගිකව ඉඟි පල කිරීම, ලිංගික සේවා සදහා ආරාධනා කිරීම හා අනෙකුත් ලිංගික හැගීම්  පල කෙරෙන ක්‍රියා සිදු කිරීම තුලින් කෙනෙකු අපහසුතාවයට හා ලැජ්ජාවට පත් වන ලෙස හැසිරීම මෙසේ හඳුන්වනවා.

මෙය විහිළු ලෙස , බැල්ම , අකමැත්තෙන් ස්පර්ශය , ලිංගික ක්‍රියාකාරකම් හෝ හමුවීම සදහා ආරාධනා කිරීම, ලිංගික අදහස් ඇති email , කෙටි පණිවිඩ වැනි දේ විය හැකියි.

Improper office etiquette
Improper office etiquette Source: Getty Images

මෙයට ගොදුරු වන්නේ කවුරුද?

ඕනැම අයෙකු මේ සදහා ගොදුරු වුව හැකි වුනත් තරුණ කාන්තාවන් මේ සදහා ගොදුරු වනවා වැඩි බවයි Australian Human Rights Commission national survey වාර්තා කරන්නේ

පසුගිය වසර 5 තුල, සමීක්ෂණයට සහභාගී වූ 39% කාන්තාවන් මේ සදහා ගොදුරු වී ඇති අතර 26% ක් පිරිමින් වේ. වැඩිපුරම වයස අවු 29ට අඩු පිරිස් මෙවන් සිදුවීම් වලට මුහුණ දී තිබෙනවා.

සහය ලබා ගැනීම

Sex Discrimination Act පනත යටතේ රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර සිදු කිරීම   අපරාධයක් වේ.

 වැඩි විස්තර සදහා මානව හිමිකම් කවුන්සලය1300 656 419 ඔස්සේ අමතන්න. ඔබට හිරිහැරයක් සිදු වේ නම් 1800 RESPECT ඔස්සේද සහය ලබා ගත හැකියි. එමගින් ඔබට විවිධ භාෂා වලින්ද සහය ලබා ගත හැකයි

 Translating and Interpreting Service

Creative differences can make tempers flare in any office
Creative differences can make tempers flare in any office Source: Getty Images

පැමිණිල්ලක් ඉදිරිර්පත් කරන්නේ කෙසේද ?

ඔබට පැමිණිලි කිරීමට අවශ්‍ය විට ඔබේ සේවායෝජකයාට හෝ මානව සම්පත් නිලධාරියෙකුට කතා කරන්න. මෙහිදී සමහර ආයතන ඒවා පිළිබද විමර්ශන කලද සමහර විට ඒවා නොදැනුවත්කම නිසා නොසලකා සිටිය හැකියි. ඔවුන් සෑම විටම අවශ්‍ය උපදෙස් මානව හිමිකම් කොමිසමෙන් ලබා ගත යුතුයි.

රැකියා ස්ථානයෙන් පිලියමක් නැතිනම් ඔබට මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කල හැකියි.

මෙය නඩු විභාගයක් දක්වා ගෙන ගිය හැකිවේ

Blank Sexual Harassment Complain Form
Sexual Harassment - Social Issue Concept Source: Getty Images

වැඩි තොරතුරු ලබා ගැනීමට මේ වෙබ් අඩවි ඔස්සේ පුළුවන්

Australian Human Rights Commission

Fair Work Ombudsman 

විවිධ භාෂා වලින් තොරතුරු සදහා: resources in different languages

s
Source: SBS


2 min read

Published

Updated

By Charitha Adikari, Audrey Bourget



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now