ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන් 5 දෙනෙකුගෙන් එක අයෙකුම අන්තර්ජාල භාවිතයේදී හිරිහැර වලට මුහුණ දී තිබෙන බවට eSafety Commissioner තනතුර දරන Julie Inman Grant පවසනවා.
බොහෝ විට චායාරුප මුල් කර ගෙන පෞද්ගලික චායාරුප සංසරණය කිරීම ආදිය මෙසේ සිදුවේ. එසේම දරුවන් අසභ්‍ය දේ අන්තර්ජාපය ඔස්සේ නැරබීම පිලිබදවත් දෙමාපියන් සලකිලීමත විය යුතුයි. Cyberbullying බොහෝ දෙමාපියන් අත්විද නොමැති අතර ඔවුන් පාසල් කාලයේ වූ හිරිහැර අන්තර්ජාලය ඔස්සේ සිදු නොවීය

ඔබේ දරුවාත් සමග ඒ ගැන සාකච්චා කරන්න
දරුවාට ගැටළුවක් ඇති වූ විට ඔබ වෙත පැමිණෙන ලෙස ඒ පිළිබද සාකච්චා කරන්න. දරුවන්ට සමාජ මාධ්‍ය ආදිය භාවිතය තහනම් කිරීම මෙයට විසදුමක් නොවන බවටයි Kids helpline හි උපදේශකවරුන් පවසන්නේ. එසේ තහනම් කිරීම තුලින් දරුවන් රහසේම ඒවා භාවිතා කිරීමට පෙලබෙන බවයි ඔවුන් පවසන්නේ. දරුවන්ගේ වැඩිමල් සොයුරු සොයුරියන්ද මේ කතා බහ සදහා හවුල් කරගන්න.

Image no longer available
ඔබට පාලනය කල හැකි parental controls යොදන්න
බොහෝ උපාංග වල දෙමාපියන්ට පාලනය කල හැකි ලෙස පාලක ඇති බැවින් ඒවා පාලනය සදහා යොදන්න. එසේම දරුවන් සිටින ස්ථානය හෙළි වන ආකාරයේ දේ පල කිරීම පාලනය කරන්න

බොහෝ උපාංග වල දෙමාපියන්ට පාලනය කල හැකි ලෙස පාලක ඇති බැවින් ඒවා පාලනය සදහා යොදන්න. එසේම දරුවන් සිටින ස්ථානය හෙළි වන ආකාරයේ දේ පල කිරීම පාලනය කරන්න . දරුවන් සමග වීඩියෝ ක්‍රීඩා ආදියට එක් වීමෙන් ඒවා පිලිබදව ඔබටද දැනුවත් විය හැකියි
ගැටළුවක් ඇති වූ විට සිදු කරන්නේ කුමක්ද ?
දරුවන් ඔබට ඒ පිලිබදව පැවසු විට, සාවධානව ඔවුන්ට සවන් දී, ඒ පිලිබදව විවුර්තව කතා කිරීම වැදගත්. ඔවුන්ට කෙලින්ම දඩුවම් නොදී, කලබල නොවී කටයුතු කිරීම වැදගත්

ඔබේ දරුවාත් මෙවන් හිරිහැර වලට ලක් වී ඇත්නම් පහත වෙබ් අඩවි link එක තුලින් ඒ පිලිබදව esafety කොමසාරිස් වෙත පැමිණිලි කල හැකියි
report it online via the eSafety Commissioner website.
එසේම එම වෙබ් අඩවිය තුලින් තොරතුරු ලබා ගත හැකියි
CyberParent app, යන app එක මගින් භාෂා 17කින් ඔබට තොරතුරු ලබා ගත හැකියි


