SKIP TO MAIN CONTENT

Yahoo හැකර් ප්‍රහාරයෙන් පසුව ඔබේ අන්තර්ජාල ගිණුමත් හැක් වෙලාද? SBS සිංහල වෙතින් උපදෙස් මාලාවක්. (SBS සිංහල/වාර්තා)

වාර්තා වූ ආකාරයට දත්ත සොරාගෙන ඇත්තේ MySpace, LinkedIn, Adobe, Dropbox, tumblr, Snapchat සහ Sony යන ඒවායින් පමණක් බව සඳහන්.

How to know if your account has been breached
Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

පසුගියදා Yahoo විද්‍යුත් ලිපින ගිණුම් හැක් වීමත් සමගම ඔස්ට්‍රේලියානු රජයට සම්බන්ධ විද්‍යුත් ලිපින ගිණුම් 3000 කට අධික ප්‍රමාණයක්ද සාමාන්‍ය විද්‍යුත් ලිපින ගිණුම් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක්ද එයට හසුවූ බව වාර්තා විය.

නමුත් වාර්තා වූ ආකාරයට දත්ත සොරාගෙන ඇත්තේ MySpace, LinkedIn, Adobe, Dropbox, tumblr, Snapchat සහ Sony යන ඒවායින් පමණක් බව සඳහන්.

එනම් ඔබට ඉහත සඳහන් ඒවායේ යම් ගිණුමක් තිබුණා නම් ඔබේ දත්ත සොරාගැනීමකට ලක්වීමට ඉඩ ඇති බව පැවසේ.

එය පරීක්ෂා කරගන්නේ කෙසේද?

haveibeenpwned.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් දත්ත සොරාගනු ලැබූ වෙබ් අඩවි සහ තොරතුරු ඔබට ලබා ගත හැකිය. නමුත් මෑතකදීම සිදුවූ Yahoo හැක් කිරීම පිළිබඳ තවමත් පූර්ණ විස්තර එහි අඩංගු නොවේ.

ඔබේ ගිණුමෙහි දත්ත සොරාගෙනද?

ඔබේ ගිණුමෙහි දත්ත සොරාගෙන නම් කාරණා තුනක් පැහැදිලිය.

පළමුවැන්න නම්, අදාළ වෙබ් අඩවියේ දත්ත සොරාගන්නා අවස්ථාවේදී එම වෙබ් අඩවියට පිවිසීමට ඔබ භාවිතා කරන email ලිපිනය සහ රහස්‍ය වචනය වෙනත් කෙනෙකු සතු වීම.

දෙවැන්න, එම වෙබ් අඩවිය හරහා වෙනත් අයෙක්ද ඔබේ ගිණුම පරිහරණය කිරීම.

තුන්වැන්න, ඔබ එම email ලිපිනයම සහ රහස්‍ය වචනයම වෙනත් වෙබ් අඩවි වලට පිවිසීමටද භාවිත කරනවානම් එම ගිණුම්ද පරිහරණය කිරීමට බාහිර පාර්ශවයට හැකි වීම.

ඔබේ email ගිණුම මෙමගින් මුළුමනින්ම හමාර බව මින් හැඟවෙන්නේ නැති බවද සඳහන් කළ යුතුය.

ඔබ කළ යුත්තේ මොනවාද?

ඔබට සැක සහිත ඔබේ සෑම ගිණුමකම රහස්‍ය අංකය හැකි ඉක්මණින් වෙනස් කරන්න.

ඔබේ රහස්‍ය අංකය සොරා ගෙන නම් එය කිසිදු වෙබ් අඩවියක් සඳහා භාවිත නොකරන්න.

මීළඟට ඔබ අවධානය යොමු කළ යුත්තේ ඔබේ ගිණුම් වලට ඇතුල්වී කවුරුන් හෝ ඔබේ පුද්ගලික තොරතුරු සොරාගෙන ඇතිදැයි සැක හැර දැනගන්න.

එය එසේනම් කුමන අන්දමේ පුද්ගලික තොරතුරු සොරා ගෙන ඇත්දැයි සොයා බැලිය යුතුය.

දත්ත සොරාගෙන ඇත්තේ කුමන වෙබ් අඩවි වලින්ද?

විවිධ වෙබ් අඩවි වලින් විද්‍යුත් ලිපින බිලියන 1.6 කට ආසන්න සංඛ්‍යාවක ඇති දත්ත සොරාගෙන ඇති බව Mr Hunt හි ප්‍රකාශිත දත්ත ගබඩාවේ සඳහන් වේ.

එම ප්‍රධාන වෙබ් අඩවි කිහිපය හැක් වූ ගිණුම් සමග පහත පරිදි වේ.

  • MySpace — මිලියන 360
  • LinkedIn — මිලියන 165
  • tumblr — මිලියන 65
  • Ashley Maddison — මිලියන 31
  • Snapchat — මිලියන 4.7 million

අන්තර්ජාල ගිණුමකට සුදුසුම රහස්‍ය අංකය හෝ රහස්‍ය වචනය කුමක්ද?

ඔබේ රහස්‍ය වචනය "password," "qwerty" හෝ "1234" නම් එය ලොව ඇති අවදානම් බවින් ඉහළම රහස්‍ය වචනය වේ.

සාමාන්‍යයෙන් කිසියම් පොදු රටාවකට අයත් ඉලක්කම් හෝ වචන රහස්‍ය වචන ලෙස නොයෙදිය යුතු අතර ඒවා පහසුවෙන් හැක් කිරීමට හැකිය.

රහස්‍ය වචනයක් නිර්මාණය කිරීමේදී විවිධ අංක, අකුරු මිශ්‍ර කරමින් තරමක් දිගු එකක් යෙදීම යෝග්‍ය බව විශේෂඥ මතය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now