ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළද පොළ ඉතාමත් තරගකාරී බැවින් එක පුරප්පාඩුවකට අයදුම්පත් සිය ගණනක් යොමු විය හැකියි. ඒ නිසා ඒ සදහා සුදානම් වීම ඉතා වැදගත්.
AMES ආයතනයේ රැකියා අවස්ථා වර්ධනය පිළිබද සම්බන්ධීකාරක Marg Davis පවසන්නේ පුරප්පාඩුව කුමක්ද , එය පිළිබද ඔවුන්ගේ දැනුම, ඔවුන් ඒ සදහා ඉල්ලුම් කලේ ඇයිද යන කරුණ හා ඔවුන්ට එයට ඇති ගැලපීම හා අත්දැකීම් පිළිබද අවධානය යොමු කල යුතු බවයි
එම ආයතනය පිළිබද තොරතුරු සෙවීම
Hays නම්, ඕස්ට්‍රේලියාවේ විශාලතම රැකියා සොයා දෙන ආයතනයේ ප්‍රාන්ත කළමනාකරු වන Tim James පවසන්නේ ඔබ අයදුම්පත් යොමු කල ආයතනය පිලිබදව කරුණු සොයා බැලීම වැදගත් බවයි. එම ආයතනයේ වෙබ් අඩවියට ගොස්, සමාජ මාධ්‍ය ඔස්සේ එම ආයතනය පිළිබද කරුණු රැස්කර ගත හැකිය.
එසේම රැකියාව පිළිබද ඇති විස්තරය කියවා එහි ඇති ප්‍රධාන වචන අඳුනා ගෙන එම ආයතනය බලාපොරොත්තු වන්නේ කුමන කුසලතාවන්ද යන කරුණ පිළිබද අවධානය යොමු කල හැකි වේ.
ඔබ මිතුරෙකු සමග ඔබෙන් ඇසිය හැකියි සිතන ප්‍රශ්න වලට සුදානම් වන ලෙස . මීට පෙර සම්මුඛ සාකච්චා පවත්වා ඇති අයෙකු සමග මෙම පුහුණු වීම සිදු කිරීම වඩාත් උචිතයි.
ඔබේ පෞර්ෂය ප්‍රදර්ශනය කිරීම
එසේම පරීක්ෂණයට මුහුණ දෙන විටදී උද්යෝගයෙන් යුතුව ඔබගේ පෞර්ෂය ප්‍රදර්ශනය කිරීම වැදගත් වේ. බොහෝ දෙනා පරීක්ෂණයට පෙර ආගිය තොරතුරු විමසන බැවින් ඒ පිළිබද සුදානම් වීම වැදගත්. උදාහරණයක් ලෙස එම කාලයේ ජනප්‍රිය ක්‍රීඩා තරගයක් පැවැත්වුව හොත් ඒ පිළිබද බොහෝ දෙනා කතා කරන කරුණු පිලිබදව අවධානය යොමු කිරීම එම කතා බහට පහසුවක් වේ
සම්මුඛ පරීක්ෂණය සදහා ඔබේ ඇඳුම
ඔබ සම්මුඛ පරීක්ෂනයට මුහුණ දීමට සුදානම් වන ඇඳුම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඔබ එම ආයතනය පිළිබද තොරතුරු රැස් කිරීමේදී ඒ පිලිබදව තොරතුරු සොයා බලන්න. සමහර ආයතන වල ටයි පටයක් පැළඳීම , ව්‍යාපාරික ඇඳුම් කට්ටල ආදිය අවශ්‍ය වන අතර තවත් රැකියා සදහා ඊට වඩා සාමාන්‍ය නමුත් වැදගත් ඇඳුමක් ගැලපේ . ඔබ කොතැනක සම්මුඛ සාකච්චාවකට එක් වුවද පිරිසිදු ඇඳුම් හා සපත්තු පැළඳීම වැදගත් වේ. සම්මුඛ පරීක්ෂනයට විනාඩි 5-10ක් පෙර ඔබ යාම වැදගත් වන්නේ එවිට ඔබ කලබලයට පත් නොවන නිසා.ඔවුන් ඔබට වතුර වීදුරුවක් හෝ දීමට ඇසුවහොත් එයට එකග වීම වාසිදායී වන්නේ එමගින් ඔබට ප්‍රශ්නයකට පිළිතුරක් දීමට තත්පර කිහිපයක් ලබා ගත හැකි නිසා
ඔබ විසින් ඇසිය යුතු ප්‍රශ්න
පරීක්ෂණය අවසන් වන විට ඔබටත් යම් ප්‍රශ්න ඇත්දැයි ඔවුන් විමසයි . එවිට ඔබ ප්‍රෂ්න කිහිපයකට සුදානම් වී සිටීම වැදගත් වේ. ඔබ එම ආයතනය පිළිබද තොරතුරු රැස් කිරීමේදී එසේ ප්‍රශ්න සදහා සුදානම් විය හැකි අතර ප්‍රශ්න 3ට පමණ සුදානම් වීමෙන් එක ප්‍රශ්නයක් පිළිබද මීට පෙර කතා කර ඇතත් ඔබට ඇසීමට ප්‍රශ්න ඉතිරි වේ.
පරීක්ෂණය අවසන් වූ විට ස්තුති කිරීම
එසේම මෙම සම්මුඛ පරීක්ෂණයෙන් පසුව එම මඩුල්ලට ස්තුති කිරීමට හා මීලග පියවර පිළිබද තොරතුරු ඇසීමට අමතක කරන්න එපා. ඒ සදහා email එකක් යැවීම වැදගත් වේ.
ඔබට එම රැකියාව නොලැබුනද එයින් අධර්යමත් විය යුතු නැහැ . බොහෝ විට සම්මුඛ පරීක්ෂණ කිහිප්යයකින් පසුවයි තනතුරක් හිමිවන්නේ. ඔබ සෑම සම්මුඛ පරීක්ෂනයකින්ම යමක් ඉගෙන ගැනීම තුලින් ඉදිරියේදී එය ප්‍රයෝජනයට ගැනීමට ඔබට හැකි වේ.

Source: SBS