වික්ටෝරියා ප්‍රාන්තයට ලෝකයේ බොහෝ රටවල් වලින් සංක්‍රමණිකයන් පැමිණ ඇති අතර ප්‍රාන්ත වාසීන්ගෙන් 3න් එකක්ම විදේශයන්හි උපත ලැබූ අයයි . වසර 1900 සිට 2016 වන විට ප්‍රාන්තයේ සංක්‍රමණික රටාව පහත දැක්වේ.
වසර 1900-1949 ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයන් පැමිණුන රටවල්

වසර 2016 ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයන් පැමිණුන රටවල්

1950 ලබන විට යුරපීය රටවල් වන එංගලන්තය, ග්‍රීසිය , ඉතාලිය යන රටවල සංක්‍රමණිකයන් අධික වූ අතර වසර 1980න් පසුව ඓයාව විශේෂයෙන් ඉන්දියාව , වියට්නාමය හා චීනය යන රටවල සංක්‍රමණිකයන් පැමිණීම වැඩි විය
දත්ත ඇති අවසන් වසර වන වසර 2016 වන විට එංගලන්තය , චීනය, ඉන්දියාව , නවසීලන්තය, වියෙට්නාමය , ශ්‍රී ලංකාව , පිලිපීනය , මැලේසියාව හා ග්‍රීසිය යන රටවලින් වැඩිම සංක්‍රමණිකයන් පැමිණ තිබේ
නමුත් තවමත් ප්‍රාන්තයේ 65%ක කොටසක් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ අය වේ.මෙම දත්ත මගින් පෙන්වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ එම ජනගනය මිස ඒ රටවලින් පැමිණුනු ජන සංඛ්‍යාව නොවේ.ඒ නිසා මිය ගිය පුද්ගලයින් හා වෙනස් ප්‍රදේශ වල වෙසෙන ජන සංඛ්‍යාව මෙහිදී නොදැක්වේ
තවමත් වික්ටෝරියාවේ වැඩිම පිරිසක් ඉන්නේ එංගලන්තයේ සිට සංක්‍රමණය කල ජනතාවයි. 1950-60 යන සමයේදී Ten-pound Poms යනුවෙන් හැඳින්වෙන රජයේ සහන මත මෙම බ්‍රිතාන්‍ය වාසීන් පැමිණ තිබේ
නමුත් වේ වන විට එම අගය වසරකට 3000ක් පමණ වේ.
2වැනි ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඉතාලි ජාතිකයන් ගනන ද වැඩි විය. ඔවුන්ගේ ප්‍රියතම ගමනාන්තය වුයේ මෙල්බන් නුවර.
එසේම මෙම ප්‍රස්තාර වල එක පාටකින් ජනයා පැමිණෙන මහාද්වීපය පෙන්වන අතර 1950 ගණන් වලදී යුරෝපය එහි මුල් තැන ගනී.
එසේම එම සමයේ ඉජිප්තුවෙන්ද බොහෝ සංක්‍රමණිකයන් පැමිණියේ අරාබි ජාතිකත්වය වැඩි වීම නිසා.එසේම නවසීලන්තයේ ආර්ථික බිද වැටීම හා ඔස්ට්‍රේලියාව සමග අන්තර් සබදතා වර්ධනය වීම නිසා නවසීලන්ත ජාතිකයන්ද එම වසරවල වැඩියෙන් පැමිණුනා.
එම සමයේ පැවති White Australia Policy මගින් ආසියානුවන්ට මෙරටට පැමිණීමට නොහැකි වුවත් වසර 1973න් පසුව ජාතිය සංක්‍රමණයට බල නොපාන තත්වයක් ඇති විය
ඒ නිසා 70-80 දශකයේ වියට්නාමය්න් ආරම්භ වී බොහෝ ආසියානුවන් ඔස්ට්‍රේලියාවට පැමිණුනා. 80 ගණන් වලදී වියට්නාම යුද්ධය හා කොමියුනිස්ට් පාලනය හැර මෙහි පැමිණියද පසු කාලීනව පවුල් නැවත එක් කිරීමේ වැඩසටහන් යටතේ ඔවුන් පැමිණ තිබේ.
මේ වන විට වික්ටෝරියානු ජනගනය වැඩි වී ඇති අතර චීනය හා ඉන්දියාව යන රටවලින් වැඩි පිරිසක් සංක්‍රමණය වී තිබේ. වසර 2006-2016 කාලයේදී ඉන්දියාවේ සිට පැමිණි ජනයාගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇති අතර චීනයේ සිට පැමිණි සංඛ්‍යාවද එසේම වේ. මේ අනුව වසර 2016 වන විට වික්ටෝරියානු වාසීන් උපත ලබා ඇති රටවල් පළමු 10 තුල ආසියානු රටවල් 6ක් අයත් වේ.
පහත දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජනයා වැඩිපුරම උපත ලබා ඇති රටවල්

මෙයින් පෙනී යන්නේ වික්ටෝරියා හි ග්‍රීක, ශ්‍රී ලාංකික හා ඉතාලි ජනගනයක් ඇතත් එහි ලෙබනන , පිලීපීන හා දකුණු අප්‍රිකානු ජනගනය අඩු බවයි.
Source: The Age

